චීන ජාතික ව්‍යාපාරිකයකුට ගජමුතු පහක් රුපියල් ලක්ෂ 120ක අලෙවි කිරිම සදහා සුදානම් වු මාතලේ මහේස්ත්‍රාත් අධීකරණයේ සේවකයින් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයින් තිදෙනකු 25දා මාතලේ සුපිරි හෝටලයකදි අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මාතලේ අධිකරණයේ ලේඛනාගාර සේවකයෙක්සහ නඩු භාණ්ඩ කාමරයේ සේවකයකු සහ රත්තොට ප්‍රදේශයේ පදිංචි කරුවන් තිදෙනෙකු සිටින බවද පොලිසිය කියයි.
ගජමුතු අලෙවි කිරිම සදහා ඔවුන් පැමිණි ත්රිවල් රථය සහ යතුරු පැදියක්ද පොලිස් භාරයට ගෙන ඇති තිබේ.
පොලිස් විශේෂ කාර්යාංශය දඹුල්ල ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු මාතලේ නගරයේ පිහිටි සුපිරි හෝටලයක කාමරයකදී පිරිස අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.
මෙම ගජමුතු මිලදිගැනිම සදහා චීන ජාතිකගේ තැරැව්කරුවෙකු ලෙස වෙස්වලාගත් පොලිස් විශේෂ කාර්යාංශය නිලධාරීන් සහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සුපිරි හෝටල් කාමරයේ රැඳී සිටිමින් මෙම කණ්ඩායම කොටු කර ගැනිමට සමත් විය.
සැකකරුවන් මාතලේ මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
මාතලේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි මාතලේ දිස්ත්‍රික් 1 භාර සහකාර පොලිස් අධීකාරි වනිගසේකර මහතාගේ මෙයෙවිම මත මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප ජයම්පති බණ්ඩාර,වැ.බ ස්ථානාධිපති පො.ප වල්පොල, විමර්ශන කණ්ඩායම් 1 බාර උ.පො ප කැළුම් බණ්ඩාර,උ.පො.ප දමයන්ත,උ.පො.ප ඉන්දික,උ.පො.ප මංජුල,උ.පො.ප බණ්ඩාර,පො.සැ 50843 හැරිසන්,පො.සැ 20746 ප්‍රේමසිරි,පො.සැ8552 ගුණතිලක,පො.සැ 35803 අතුල,පො.සැ 57191 සාලිය,පො.කො 33832 ජගත්,පො.කො83232 දිලිප,පො.කො 87884 මල්දෙණිය,පො.කො 88391 ඉසුරු යන නිලධාරින් මෙම වැටලිම සදහා සහභාගි විය.
මාතලේ මහේෂ් කිර්තිරත්න