• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජපානයේ ප්‍රථම ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාව නිල වශයෙන් පිහිටුවයි

2 April 2026
in දේශීය, පුවත්, විදෙස්
ජපානයේ ප්‍රථම ශ්‍රී ලංකා  අමරපුර සංඝ සභාව  නිල වශයෙන් පිහිටුවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වසර 223ක අමරපුර මහා නිකායික ඉතිහාසයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, විදේශයක පිහිටුවන ලද ප්‍රථම අමරපුර සංඝ සභාව අද (02) ජපානයේදී නිල වශයෙන් ආරම්භ කරන ලදී. ජපානයේ ‘ෆුජි සුගත’ (Fuji Sugatha) ආරාමයේදී පැවැත්වුණු මෙම පුණ්‍ය මහෝත්සවය ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරි පූජ්‍ය බලපිටියේ සිරිසීවලි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
ශ්‍රී ලංකාව පුරා දිස්ත්‍රික් සංඝ සභා 22ක් පිහිටුවා ඇති අතර, ජපානය කේන්ද්‍ර කරගනිමින් මෙම සංඝ සභාව පිහිටුවීම හරහා අමරපුර භික්ෂු වංශයේ චිර පැවැත්ම සහ සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය අපේක්ෂා කරන බව සිරිසීවලි නාහිමියෝ මෙහිදී අවධාරණය කළහ. අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් මෙම අවස්ථාවට සිය ආශිර්වාදය පළ කළහ.
මෙම නව සංඝ සභාවේ නිලධාරී මණ්ඩලය ලෙස සභාපති පූජ්‍ය හුරුලුනිකවැවේ සුධම්ම නාහිමි (ජපානයේ ප්‍රධාන සංඝනායක), ප්‍රධාන ලේකම් පූජ්‍ය වැහිගල සාරද හිමි, උපසභාපති පූජ්‍ය වෙම්බුවැවේ සුමනසාර හිමි, නියෝජ්‍ය ලේකම් පූජ්‍ය මුතුකණ්ඩියේ පියදස්සි හිමි සහ ප්‍රධාන සංවිධායක පූජ්‍ය ගිඩ්ඩව රාහුල හිමි යන ස්වාමීන් වහන්සේලා තේරී පත් විය.
ජපානයේ දින දර්ශනයට අනුව ගිම්හාන සෘතුවේ දෙවන පෝය දිනය අදට යෙදී තිබූ බැවින්, සංඝ සභාව පිහිටුවීමට ප්‍රථමයෙන් සාම්ප්‍රදායික පොහොය විනය කර්මය ද සිදු කරන ලදී. මෙමගින් ජපානය තුළ වෙසෙන අමරපුර නිකායික භික්ෂූන් වහන්සේලා අතර සහයෝගීතාවය තවදුරටත් වර්ධනය වනු ඇතැයි විශ්වාස කෙරේ.
Post Views: 1
Previous Post

බුර්කිනා ෆාසෝ හමුදාව සහ ජිහාඩ් සටන්කාමීන් 2023 සිට සිවිල් වැසියන් 1,800කට වැඩි පිරිසක් ඝාතනය කර ඇති බවට හියුමන් රයිට්ස් වොච් හෙළි කරයි

Next Post

ඉරාන යුරේනියම් තොගය පිළිබඳ ට්‍රම්ප්ගේ ප්‍රකාශය යුද්ධයේ මූලික අරමුණ කෙරෙහි සැක මතු කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන යුරේනියම් තොගය පිළිබඳ  ට්‍රම්ප්ගේ ප්‍රකාශය  යුද්ධයේ මූලික අරමුණ කෙරෙහි  සැක මතු කරයි

ඉරාන යුරේනියම් තොගය පිළිබඳ ට්‍රම්ප්ගේ ප්‍රකාශය යුද්ධයේ මූලික අරමුණ කෙරෙහි සැක මතු කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැයට කිරුළ වැසිකිළි ටෙන්ඩරයෙන්  රජයට ලක්ෂ 90ක පාඩුවක් කළ  හිටපු අධ්‍යක්ෂිකාවට ඇප

දැයට කිරුළ වැසිකිළි ටෙන්ඩරයෙන් රජයට ලක්ෂ 90ක පාඩුවක් කළ හිටපු අධ්‍යක්ෂිකාවට ඇප

2 April 2026
වෛද්‍ය වර්ජනයෙන්  දිවයින පුරා රෝගී සත්කාරක සේවා  අඩාල වෙයි

වෛද්‍ය වර්ජනයෙන් දිවයින පුරා රෝගී සත්කාරක සේවා අඩාල වෙයි

2 April 2026
ශ්‍රී ලංකාව සහ  ලෝක බැංකුව අතර  නව පස් අවුරුදු හවුල්කාරිත්වයක්  ඇරඹෙයි

ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර නව පස් අවුරුදු හවුල්කාරිත්වයක් ඇරඹෙයි

2 April 2026
ජල කළමනාකරණය පිළිබඳ  විශේෂ සාකච්ඡාවක්

ජල කළමනාකරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

2 April 2026

Recent News

මාතර සමුපකාර රෝහලේ පාලන අධිකාරිය සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක්

2 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමති හඳුන්නෙත්තිගේ ලේකම්වරුන් සම්බන්ධයෙන් හිරු කිව්වේ බොරු

ඇමති හඳුන්නෙත්තිගේ ලේකම්වරුන් සම්බන්ධයෙන් හිරු කිව්වේ බොරු

2 April 2026
අපට කුණු එපා නියෝජ්‍ය ඇමතිට එරෙහිව  හිඟුරක්ගොඩ ජනතාව  පාරට බසී

අපට කුණු එපා නියෝජ්‍ය ඇමතිට එරෙහිව හිඟුරක්ගොඩ ජනතාව පාරට බසී

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved