• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අමරවීරයි දුමින්දයි සේනා දළඹුවාගෙන් ඡන්ද ව්‍යාපාරය පටන් අරන් – මන්ත්‍රීනි රෝහිණි

23 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බඩ ඉරිඟු බදු වංචාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘සේනා දළඹු පාර්ශවය‘ ඡන්ද ව්‍යාපාරය පටන් අරගෙන ඉවර බවත් අනුරාධපුරේ ශ්‍රීලනිපයේ දුමින්ද දිසානායකත් හම්බන්තොට බෙදන්නේ මහින්ද අමරවීර බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ අද (23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කවිරත්න මහත්මිය සිදු කල එම කතාව සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

අද ලොකුම බදු වංචා සිදු වන්නේ ආහාර ද්‍රව්‍ය ආනයනයට අදාලවයි. සීනි බද්ද වෙනස් කරලා රු. බිලියන 5 කට වැඩි මුදලක් වංචා කළා. අපි එක් ‘සීනි වංචාව‘ කිව්වා. පොල් තෙල් බද්ද වෙනස් කරලා රු. බිලියන 3 කට ආසන්න මුදලක් වංචා කළා. අපි ඒකට ‘පොල් තෙල් වංචාව‘ කිව්වා.

දැන් ඇවිල්ලා තියෙනවා අලුත්ම ජාවාරම ‘බඩ ඉරිඟු ජාවාරම‘මේ රටේ ඉන්න ලක්ෂයකට වැඩි බඩඉරිඟු ගොවියාට ‘සේනා දළඹුවා’ ගහනවා වගේ මේ බඩ ඉරිඟු ජාවාරමෙන් වදිනවා.

අද දේශීය වෙළඳපොලේ බඩඉරිඟු කිලෝවක මිල රු. 160 ක් වෙනවා. ඒ මිලට ගලපන්න රජය රු. 75 ක බද්දක් ගැහුවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉන්න ‘සේනා දළඹුවෙක්‘ මේ බද්ධ අඩු කරන්න සෑහෙන්න යුද්ධයක් කලා. කෘෂිකර්ම කේෂ්ත්‍රෙය් ඉන්න සියළුම රාජ්‍ය නිලධාරීන් මේකට විරුද්ධ වුනා. පීඩණය වැඩි කමට මේ බද්ද රු. 25 කින් අඩු කරන්න, ඒ කියන්නේ රු. 50 කරන්න නිලධාරීන් එකඟ වුණා. හැබැයි ගැසට් එක ගැහුවේ බද්ද රු. 50 කින් අඩු කරලා, ඒ කියන්නේ රු. 25 ක බද්දක් යටතේ බඩ ඉරිඟු ගෙන්වන්න.

හැබැයි මාතලේ – විල්ගමුව, මහියංගනය, ගිරාදුරුකෝට්ටේ, මොණරාගල, හම්බන්තොට,අනුරාධපුර, පොළොන්නරුව බඩ ඉරිඟු ගොවීන් ලක්ෂයකට වැඩිය අමාරුවේ දාලා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ‘සේනා දළඹුවා‘ ගොවියෝ විනාශ කරනවා.

මේ බදු සහනය නිසා රජයට රු. බිලියන 5 ක් පාඩු වෙනවා. බිත්තර අඩු මිලට දෙන්න, කුකුළු මස් අඩු මිලට දෙන්න කියලා තමයි මේ බද්ද අඩු කරලා තියෙන්නේ. හැබැයි දැන් තොග පිටින් අවුරුද්දකට ඕනි බඩ ඉරිඟු ගෙන්වන්නට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉන්න ‘සේනා දළඹුවා‘ මේකෙන් පාර කපාගෙන තියෙනවා. ඔව්, බඩ ඉරිඟු කිලෝවකින් රු. 5 සිට 10 දක්වා ගානක් සේනා දළඹුවාට යනවා.

මොණරාගල, හම්බන්තොට, මාතලේ, අනුරාධපුර, පොළොන්නරුවේ බඩ ඉරිඟු ගොවියෝ විනාශයි. හැබැයි සේනා දළඹුවා ගොඩ! බඩඉරිඟු ආනයනයේ දී රු. 75 බද්ධ රු. 25 ට පහත හෙළීම නිසා රටට රු. බිලියන පහක් අහිමි වෙනවා. හැබැයි ව්‍යාපාරිකයෝ 10ක්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රබලයෙක් මේ වැඩෙන් ගොඩ යනවා.

මේ හදන්නේ රටට රු. බිලියන 5 ක් පාඩු කරලා, තනි පුද්ගලයෙක් කුට්ටියක් සාක්කුවේ දමා ගැනීමයි. කෘෂිකර්ම අමාත්‍යාංශය මෙයට පෙර අශුචි පොහොර, නැනෝ පෙහොර ගෙන්වලා සිදු කරපු හානිය තවම ගණනය කරලා වත් නෑ.

දැන් බඩ ඉරිඟු බද්ධ අඩු කරලා රු. බිලියන 5 සිට 10 දක්වා මුදලක් රටට නැති කරනවා. ජනාධිපතිපතිතුමා, මේ අපරාධය කරන්න දෙන්න එපා. තනි පුද්ගලයෙකුට රු. බිලියන 5 ක් සාක්කුවේ දා ගන්න දෙන්න එපා.

මේ විදිහටම මුං ඇට, උදු සඳහා වන බද්ද රු. 300 දක්වා අඩු කරන්නට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ‘සේනා දළඹුවා‘ උත්සහ කරනවා.මාතලේ, මොණරාගල, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, රත්නපුර, උතුරු පළාතේ ගොවියෝ ලක්ෂ 3 කට මේ වැඩෙන් යන එන මං නැති වෙනවා.

අද ගොවියාගේ මිනී වල කපන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය යි. මේ කරන්නේ වෙන පොල් තෙල් වංචාව, සීනි වංචාව වගේ තවත් ජාවාරමක්.සීනි බදු වංචාවේ සල්ලිවලින් තමයි, පොහොට්ටුවේ ඡන්ද කැම්පේන් එක කරපු සල්ලි පියවා ගත්තේ.

මේ සල්ලි වලින් තමයි දයාසිරි ජයසේකර මහ ලේකම්තුමාගේ ආසනයේ තියෙන්න තිබුණ ශ්‍රීලනිප පක්ෂ සම්මේලනය කොළඹ සුපිරි ශාලාවකට ගත්තේ.තව එකක්, බඩඉරිඟු වගාවට සහන දෙන්න කියලා දේශපාලනඥයෝ තමන්ගේ හෙන්චයියෝ දාලා අයඳුම්පත් බෙදනවා. දිසාපති දන්නේ නෑ. ගොවිජන‌ සේවා දෙපාර්තමේන්තුව දන්නේ නෑ. ප්‍රා‌දේශීය ලේකම් දන්නේ නෑ. අනුරාධපුරේ අයදුම්පත් 120,000 ක් බෙදලා තියෙනවා. මාතලේ, බදුල්ල, මොණරාගල කිසිම රාජ්‍ය ආයතනයකින් එකම බඩඉරිඟු අයදුම්පතක් හෝ බෙදලා නෑ.බදුල්ල, මොණරාගල, අනුරාධපුර, මාතලේ, පොළොන්නරුව, බඩඉරිඟු අයදුම්පතක් ගන්න පුළුවන් රාජ්‍ය ආයතනයේ නම කියන්න පුළුවන් ද? අනුරාධපුරේ අයදුම්පත් බෙදන්නේ ශ්‍රීලනිප යේ දුමින්ද දිසානායක හම්බන්තොට බෙදන්නේ මහින්ද අමරවීර මොණරාගල, බදුල්ල, මාතලේ අයදුම්පත් බෙදන කෙනෙක් හොයාගන්න නෑ. බඩ ඉරිඟු බදු වංචාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘සේනා දළඹු පාර්ශවය‘ ඡන්ද ව්‍යාපාරය පටන් අරගෙන ඉවර යැයි මන්ත්‍රීනි කවිරත්න වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 1
Previous Post

නයින්වෙල්ස් රෝහල එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තය (UNGC) සමඟින් එක්වේ

Next Post

මහ කන්නයේ අස්වැන්න ලැබෙන තුරු සහල් ආනයනය කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් නැහැ – කෘෂිකර්ම අමාත්‍ය මහින්ද

editor

editor

Next Post

මහ කන්නයේ අස්වැන්න ලැබෙන තුරු සහල් ආනයනය කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් නැහැ - කෘෂිකර්ම අමාත්‍ය මහින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025

Recent News

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved