නිසාන් (Nissan) රථවාහනවල මෙරට බලයලත් නියෝජිත අසෝසියේටඩ් මෝටර්වේස් (AMW) සමාගම විසින් සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් විශේෂ වරප්‍රසාද රැසක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව අප්‍රේල් 01 වනදා සිට 30 වනදා දක්වා කාලය තුළ නිසාන් මැග්නයිට් (Nissan Magnite) හෝ නිසාන් අල්මේරා (Nissan Almera) රථයක් මිලදී ගන්නා පාරිභෝගිකයින් සඳහා රුපියල් 125,000ක් දක්වා වටිනා නොමිලේ ඉන්ධන ලබා දීමට පියවර ගෙන ඇත.
LOLC ෆිනෑන්ස් ආයතනය හරහා ලීසිං පහසුකම් ලබාගනිමින් වාහන මිලදී ගන්නා පාරිභෝගිකයින් සඳහා රුපියල් 125,000ක ඉන්ධන දීමනාව හිමිවන අතර සෘජු මිලදී ගැනීම් හෝ වෙනත් මූල්‍ය ආයතන හරහා මිලදී ගන්නා පාරිභෝගිකයින් සඳහා රුපියල් 75,000ක ඉන්ධන දීමනාවක් හිමිවේ. ඩයලොග් ආසිආටා (Dialog Axiata) සමාගම සමඟ ඒකාබද්ධව හඳුන්වා දී ඇති ‘Fuel Touch Card’ මගින් දිවයින පුරා පවතින ඕනෑම ඉන්ධන පිරවුම්හලකින් මෙම පහසුකම ලබාගත හැකිය.
පසුගිය 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම අලෙවියක් සහිත Class A SUV රථය බවට පත් වූ නිසාන් මැග්නයිට් රථය මේ වන විට මෙරට තුළ ඒකක 5,000කට වඩා අලෙවි වී තිබේ. මෙම රථය ගෝලීය NCAP ආරක්ෂණ වර්ගීකරණයේ තරු පහේ (5-star) සහතිකයක් ලබා ඇති අතර වසර 3ක හෝ කිලෝමීටර් 100,000ක වගකීම් කාලයක් ද හිමිවේ. මෙම සීමිත දීමනාව ලබාගැනීම සඳහා කොළඹ යුනියන් පෙදෙස, මාතර, කුරුණෑගල, මහනුවර සහ මීගමුව යන ප්‍රදේශවල පිහිටි නිසාන් ප්‍රදර්ශනාගාර වෙත පැමිණෙන ලෙස AMW සමාගම පාරිභෝගිකයින්ට ඇරයුම් කර සිටියි.
















