මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා නිපුණතාවය සංවර්ධනය කිරීම සඳහා වන නියමු ව්‍යාපෘතිය වෙනුවෙන් සකස් කළ පුහුණු මොඩියුලය පුහුණු කිරීමේ දෙදින පුහුණු වැඩමුළුව රත්තොට හා අඹන්ගඟ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල මුල් ළමාවිය සංවර්ධන උපදේශිකාවන් සම්බන්ධ කර ගැනීමින් පසුගියදා රත්තොට කයිකාවල මධ්‍යම මහා විදුහලේ දී පැවැත්විණි.
යුනිසෙෆ් ප්‍රතිපාදන යටතේ සකස් කළ මෙම මොඩියුලය පළාත් මුල් ළමා විය සංවර්ධන ඒකකයේ අධ්‍යක්ෂකතුමාගේ මග පෙන්වීම හා නිරීක්ෂණය යටතේ,මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉංග්‍රීසි හා විදේශ භාෂා විෂය භාර අධ්‍යක්ෂවරිය ඇතුළු පුහුණු සම්පත්දායක මණ්ඩලයක් විසින් සකස් කරන ලදී .
එමෙන්ම මෙම පුහුණු වැඩමුළුව සඳහා කොට්ඨාශයේ සියලුම මුල් ළමාවිය සංවර්ධන උපදේශිකාවන් සහභාගි වූ අතර වැඩසටහන සඳහා සම්පත් දායකත්වය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉංග්‍රීසි හා විදේශ භාෂා විෂය භාර අධ්‍යක්ෂතුමිය ඇතුළු සම්පත්දායක මණ්ඩලය විසින් සිදු කරන ලදී.
මාතලේ මහේෂ් කිර්තිරත්න