• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලොහාන් රත්වත්තගේ ක්‍රියා කලාපය පිළිබඳ අපක්‍ෂපාතී පරීක්‍ෂණයක අවශ්‍යයි – මාර්තු 12 ව්‍යාපාරය

20 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලොහාන් රත්වත්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳව අප්‍රසාදය පළකිරීම හා අදාළ සිදුවීම් පිළිබඳ අපක්‍ෂපාතී පරීක්‍ෂණයක අවශ්‍යතාවය ගැන මාර්තු 12 ව්‍යාපාරය පැහැදිලි කිරීමක් කරයි.

එම ව්‍යාපාරය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මෙසේ ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරයි.

වෙන අන් කවර කලෙකටත් වඩා විනයගරුක හා වගකීම් සහගත පුරවැසියන්ගේ ක්‍රියාකාරී මැදිහත්වීමක් අපේක්‍ෂා කරන සමාජ පරිසරයක, පාලක පක්‍ෂය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අප්‍රසාදජනක හැසිරීමක් පළකොට, අපරාධමය වරදක් සිදුකිරීමට තැත් කිරීමේ ඛේදජනක සිද්ධිදාමය පිළිබඳව මාර්තු 12 ව්‍යාපාරයේ දැඩි අවධානය යොමුව ඇති බව මෙහිලා පළමුව සටහන් කිරීමට කැමැත්තෙමු.

මීට දායකව ඇත්තේ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු සහ මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැතිවරයා වන ලොහාන් රත්වත්ත මහතාය. ඔහු දැනටමත් බන්ධනාගාර ආශ්‍රිත රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. ඉන් සනාථ වන එක් කරුණක් වන්නේ අදාළ සිදුවීම් සඳහා ඔහු නිසැකවම මැදිහත්ව ඇති බවයි. තවද ඔහු විසින් සිදුකල බවට දැනටමත් මෙරටේ මාධ්‍ය වාර්තා කොට ඇති සිද්ධිදාමය සලකා බැලීමේදී පැවසිය යුත්තේ එලෙස අමාත්‍ය ධූරයෙන් ඉවත් වීම, අදාළ සිද්ධිදාමයේ පවත්නා බරපතල බව නොසලකා හරින සාධකයක් නොවිය යුතු බවයි. එබැවින් මාර්තු 12 ව්‍යාපාරය මෙම සමස්ත සිද්ධි මාලාව කෙරෙහි ම තම බලවත් අප්‍රසාදය පළකරන අතර අදාළ අමාත්‍යවරයාට එරෙහිව නැඟෙන චෝදනා විභාග කිරීම සඳහා අනලස් හා අපක්‍ෂපාතී ක්‍රියාමාර්ගයක් ගත යුතුව ඇති බවද අවධාරණය කරන්නෙමු.

මෙම සිද්ධිදාමය හා සමගාමීව මාර්තු 12 ව්‍යාපාරය කරුණු කිහිපයක් පිළිබඳව තම වෙසෙස් අවධානය යොමුකර සිටී. මූලිකවම මෙහිලා අපගේ බලවත් අවධානයට ලක්ව ඇති කරුණ වන්නේ මෙලෙස චෝදනා ලබන මහජන නියෝජිතයා වෙන අන් කවරෙක් හෝ නොව බන්ධනාගාර කළමනාකරණයෙහි අදියුරු බව උසුලන හා සිරකරුවන්ගේ පුනරුත්ථාපනය භාර රජයේ ප්‍රමුඛතම නියෝජිතයා වීමයි. කවර චෝදනා ලබා සිරගතව සිටියද, යම් පුද්ගලයෙක් සිරගත වූ පසු ඔහු සිවිල් පුද්ගලයෙක් ලෙස ලැබූ කිසිදු සමාජ වරප්‍රසාදයක් ලබන්නේ නැත. එවන් සිරකරුවෙක් හට යම් බලවත් පුද්ගලයෙක් රජයේ වරප්‍රසාද ද භුක්ති විඳිමින් සිටින අතරතුර අවමන් සහගත ලෙස සැලකීමක් සිදුකොට තිබේනම් එය සමස්ත සමාජයේම සාතිශය පිළිකුලට හා අප්‍රසාදයට ලක්විය යුතු සංසිද්ධියකි.

තවද රාජ්‍ය අමාත්‍යවරයෙක්ව කටයුතු කරන්නේ වුවද කිසිදු පිළිගත් ක්‍රමවේදයක් අනුගමනය නොකරමින් සිත්සේ බන්ධනාගාර වෙත කඩා වැදීම පිළිගත් සම්ප්‍රදාය ද නොවේ. මාධ්‍ය වාර්තා නිවැරදි නම් එහිලා අදාළ සිදුවීම පිළිබඳව නිහඬ බවක් පළකරන බන්ධනාගාර කොමසාරිස්වරයා මෙන්ම කිසිවක් නොදන්නේ යැයි පැවසු එහි මාධ්‍ය ප්‍රකාශවරයා ද රාජ්‍ය නිළධරයෙක් සතුව පැවතිය යුතු ස්වාධීන හා අගති විරහිත පැවැත්ම ඉතා ඛේදජනක ලෙස අභියෝගයට ලක්කොට ඇති බවද සටහන් කොට තැබීම වැදගත්ය.

ඉහත දැක්වූ සිද්ධිදාමයෙහි වඩාත් බරපතල සිදුවීම වන්නේ දේශපාලන පක්‍ෂ කිහිපයක් ඉතා දැඩි හා තිර විශ්වාසයෙන් නඟන චෝදනාවයි. එනම් වසර 2021 සැප්තැම්බර් 12 වැනි දින අනුරාධපුර බන්ධනාගාරය වෙත ඇතුල්වී එහි රැඳවියන් දෙදෙනෙක් වෙත අසැබි බසින් අමතා තර්ජනය කිරීමයි. එකී චෝදනාව සත්‍යයක් නම් ලොහාන් රත්වත්ත මහතා මහජන නියෝජිතයෙක් සතුව පැවතිය යුතු අවම සදාචාරය පවා අභියෝගයට ලක්කොට ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිපැදිය යුතු මාර්ගෝපදේශ සංග්‍රහය ද උල්ලංඝනය කොට ඇත. එවන් විටෙක තම මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීම තමන් වෙත කැමැත්ත පළකළ ජන්දදායකයන් වෙත කරනු ලබන ගෞරවයක් වනු ඇතැයි පැවසීමට අපි පසුබට නොවන්නෙමු.

තම භාරකාරත්වය යටතේ අදාළ නීතිරීති සමුදායක් මැද දිවිගෙවන සිරකරුවෙක් හට අදාළ අමාත්‍යවරයා ගිනි අවියක්ද සහිතව තර්ජනය කිරීම, නීතිය අභියෝගයට ලක්කිරීමක් පමණක් නොවේ. එය නිසැකවම අප රටක් ලෙස සදාතනික ගෞරවයට ලක්කළ යුතු මානව ගුණධර්ම ද නොසලකා හැරීමකි. එවන් සැක සහිත චර්යාවක් පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු විවිධ සංගම් හා සංවිධාන මෙන්ම ක්‍රියාකාරීන් රැසක් දැනටමත් අපක්‍ෂපාති පරික්ෂණයක් ඉල්ලා ඇත. එපමණක් නොවේ. මෙරටේ මාධ්‍ය රැසක්ද ඒ පිළිබඳව කරුණු රැසක් හෙළිකොට ඇත. තවත් එක් සංවිධානයක් මේ වනවිටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කොට ඇත. එවන් අවස්ථාවකදී පවා කිසිදු පරීක්‍ෂණයක් ආරම්භ නොකොට, චෝදනාවට පාත්‍ර වූ තැනැත්තාගෙන් කිසිදු ප්‍රශ්ණ කිරීමක් සඳහා හෝ ඉදිරිපත් නොවී කිසිවක් සිදු නොවූවා සේ ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කිරීම ඇදහිය නොහැකි කරුණකි. එබැවින් රටෙහි ක්‍රමයෙන් වියැකෙන නීතියේ අධිපත්‍යය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම පොලිස්පතිවරයා සතු රාජකාරිමය වගකීමක් බවද අවධාරණය කිරීමට කැමැත්තෙමු.

එබැවින් මෙම සිදුවීම නිසි විමර්ශනයකට ලක්කිරීම සඳහා සමාජයේ වෘත්තිමය ගෞරවයට පාත්‍ර කමිටුවක් පත්කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවද සඳහන් කිරීමට කැමති අතර සිදුවීමට අදාල පාර්ශවකරුවෙකු වන බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකුගේ මෙහෙයවීමෙන් සිදුවන පරීක්‍ෂණය කෙරෙහි එතරම් මහජන විශ්වාසයක් ඇතිනොවනු ඇති බවත් අවධාරණය කිරීමට කැමැත්තෙමු. එපමණක් නොව මෙරටේ මේසා අප්‍රසන්න හා අපිරිසිදු දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වීමට බලපෑ ප්‍රධාන හේතුවක් වන්නේ දේශපාලන පක්‍ෂ නායකයන්ගේ ඇදහිය නොහැකි නිහඬ බවයි. එහෙයින් ලොහාන් රත්වත්ත මහතාගේ පක්‍ෂ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කොට ඔහුගේ විනය විරෝධී ක්‍රියාකලාපය නිසි සමාලෝචනයකට ලක් කිරීමට ක්‍රියා කරන ලෙස ද ඔහුගේ දේශපාලන පක්‍ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්ද ඉල්ලා සිටීමට අපි කැමැත්තෙමු.

මුළු රටම ගෝලීය ව්‍යසනයක් අභිමුව සිටින මොහොතක රටෙහි පාලකයන්ගේ වගකීම වියයුත්තේ රටවැසියන් ඒ කෙරෙහි යොමුකිරීමට සමත් යාන්ත්‍රණයක් හඳුන්වා දී ඒ කෙරෙහි තමන් සතු කැපවීම කෙතරම් දැයි ජනතාවට ප්‍රදර්ශනය කිරීමයි. එහෙත් ඊට ප්‍රතිපක්ෂව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේ පවා අවමානයට ලක්වන ආකාරයේ හැසිරීමක් පළකරන යමෙක් වේද එකී පුද්ගලයා පිළිබඳව නිසි ක්‍රියාමාර්ග ගැනීම අදාළ රාජ්‍ය නායකයන්ගේ හා පක්‍ෂ නායකත්වයේ පරම වගකීම වියයුතුය. මේ එළඹ ඇත්තේ එකී නායකයන්ගේ අවංකත්වය හා රාජ්‍ය තාන්ත්‍රිකත්වය උරගා බැලෙන මොහොත බව අපි අවධාරණය කරන්නෙමු.

 

රෝහණ හෙට්ටිආරච්චි,

කැඳවුම්කරු,
මාර්තු 12 ව්‍යාපාරය

—

 

Post Views: 1
Previous Post

විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් තුර්කියේ විදේශ අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි

Next Post

කුවේට් හි සේවයට පුහුණු ශ්‍රමිකයින්ට තවදුරටත් අවස්ථාව දෙන්න – ජනපති කුවේට් අගමැතිගෙන් ඉල්ලයි

editor

editor

Next Post

කුවේට් හි සේවයට පුහුණු ශ්‍රමිකයින්ට තවදුරටත් අවස්ථාව දෙන්න - ජනපති කුවේට් අගමැතිගෙන් ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025
මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

19 May 2025
ලුණු හිඟයට හේතුව කියයි

ලුණු හිඟයට හේතුව කියයි

19 May 2025
ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

19 May 2025

Recent News

වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025
මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

19 May 2025
ලුණු හිඟයට හේතුව කියයි

ලුණු හිඟයට හේතුව කියයි

19 May 2025
ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025
මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved