සමගි සන්ධාන ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පවසන්නේ රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතිද්දීත් රජය සහ ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් අසත්‍ය ප්‍රකාශ කරමින් ජනතාව මුලාවට පත් කරන බවයි. මාර්තු පළමුවැනිදා ඉන්ධන නැවක් පැමිණි බවට බලධාරීන් පවසන කතාව අසත්‍ය බවත්, අවසන් වරට මෙරටට ඉන්ධන නැවක් පැමිණ ඇත්තේ පෙබරවාරි 25 වැනිදා බවත් ඔහු අවධාරණය කරයි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ දත්ත සහ සංස්ථා සභාපතිවරයා පවසන දත්ත අතර පරස්පරතාවයක් පවතින බව පෙන්වා දෙන ඒ මහතා, චීන වරාය ටැංකිවල ගබඩා කර ඇති තෙල් තොග සහ දෛනික පිරිපහදු කටයුතු සැලකීමේදී රට තුළ පවසන තරම් ඉන්ධන අර්බුදයක් නොමැති බව ප්‍රකාශ කරයි.
එසේම රුපියල් 157කට වරායට පැමිණෙන ඉන්ධන ලීටරයක් සඳහා රුපියල් 317ක් වැනි අධික මුදලක් අය කරමින් රජය ජනතාව සූරාකන බවට ඔහු චෝදනා කරන අතර, මැදපෙරදිග අර්බුදය හමුවේ පූර්ව සූදානමක් ලෙස තොග රැස් කිරීමට රජය අපොහොසත් වූ බව ද පවසයි. QR කේත ක්‍රමය වැනි විධිමත් කළමනාකරණ පියවර ගත්තේ නම් ඉන්ධන පෝලිම් ඇති නොවන බවත්, මන්නාරම් ද්‍රෝණියේ පවතින තෙල් නිධි කැණීමට වත්මන් ආණ්ඩුව බියෙන් පසුවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. මේ වන විට රට පුරා වාර්තා වන 13,000කට අධික විදුලි බිඳවැටීම් නිසා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කඩා වැටී ඇති අතර, ආණ්ඩුවේ දූෂිත ක්‍රියාවලිය වසා ගැනීමට ලෝක වෙළඳපොළේ මිල ගණන් පලිහක් කරගෙන ඇති බවට ද ඔහු මෙහිදී විවේචනය කළේය.














