2004 වසරේදී තම හිටපු බිරිඳ වූ ලෝරා බෝරන් සහ ඇයගේ දරුවන් දෙදෙනා අතිශය කුරිරු ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ඇන්ඩ්‍රේ තෝමස්ගේ (Andre Thomas) නඩුව ඇමරිකාව තුළ යළිත් දැඩි අවධානයට ලක්ව තිබේ. බිරිඳ සහ දරුවන් ඝාතනය කිරීමෙන් පසු ඔහු පොලිසියට පවසා ඇත්තේ “භූතයින් විනාශ කිරීමට” තමන්ට උපදෙස් ලැබුණු බවයි. සිරගතව සිටියදී ඔහු විසින්ම තමාගේ ඇසක් උගුල්ලා ආහාරයට ගැනීම වැනි අසාමාන්‍ය ක්‍රියාවන් සිදු කිරීම හේතුවෙන් ඔහුගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දැඩි විවාදයක් මතුව ඇත. මේ හේතුවෙන් ඔහුගේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වී ඇති අතර, මානසික ආබාධ සහිත පුද්ගලයෙකුට මරණ දඬුවම ලබා දීම කෙතරම් දුරට සාධාරණ ද යන්න පිළිබඳව නීතිමය සහ මානුෂීය අංශවල අවධානය යොමු වී ඇති බව ‘ද මිරර් යූඑස්’ (The Mirror US) වාර්තා කරයි.













