ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරයෙකුගේ නිවසක් බිඳ දේපළ සහ වෙද නලාව ඇතුළු භාණ්ඩ තොගයක් සොරාගත් ‘අංගොඩ රෝසි’ නමැති සුරූපී කාන්තාව සහ ඇය මෙහෙයවූ අපරාධ කල්ලිය මුල්ලේරියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දැඩි ලෙස ‘අයිස්’ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින මෙම සැකකාරිය සමඟ මනුෂ්‍ය ඝාතන සැකකරුවකු සහ වරෙන්තුකරුවකු ද අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.
පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මොවුන් විසින් නවගමුව, කඩුවෙල සහ අංගොඩ ප්‍රදේශවලින් යතුරුපැදි 04ක් ද සොරාගෙන ඇති බවයි. අත්අඩංගුවට ගත් පිරිස අතර අතුරුගිරිය පොලිස් වසමේ වරෙන්තු 05ක් සහිත 34 හැවිරිදි දේවින්ද දුලාජ් සහ මනුෂ්‍ය ඝාතන සැකකරුවකු වන 42 හැවිරිදි සුගත් ඒකනායක යන අය ද වෙති. මොවුන් මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සමීප සබඳතා පවත්වා ඇති අතර, අලුත්කඩේ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.













