2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ විධිවිධාන වඩාත් විධිමත් ලෙස බලාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් සුවිශේෂී තීරණ කිහිපයක් ගෙන තිබේ. ඒ අනුව වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නවීකරණය කිරීමට රජය පියවර ගෙන ඇත.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව, ‘2026 දූෂණ විරෝධී (මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් හරහා සිදු කරනු ලබන වත්කම් සහ බැරකම් ප්‍රකාශ) නියෝග’ සකස් කිරීමට අනුමැතිය හිමි විය. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ දූෂණ විරෝධී පනතට අදාළ වන සියලුම පුද්ගලයන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් (Centralized Electronic System) හරහා ලබා ගැනීමයි.
පනතේ 156(1) වගන්තියට අනුව අමාත්‍යවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව මෙම නියෝග සකස් කෙරෙන අතර, 82(1) වගන්තිය මඟින් නියම කර ඇති පරිදි නිසි ආකෘතියකට අනුව මෙම දත්ත ඇතුළත් කළ යුතු වේ. මෙම නව නියෝග ඉදිරියේදී රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. මෙම පියවර හරහා මෙරට දූෂණ විරෝධී ක්‍රියාවලිය වඩාත් විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමට අපේක්ෂිතය.
















