• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනුර නොම්බර එකේ දේශපාලන ජාවාරම්කාරයෙක් – චන්දන ප්‍රේමසිංහ

9 January 2023
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කියන්නේ නොම්බර එකේ දේශපාලන ජාවාරම්කාරයෙක් යැයි බුද්ධිමය අරගලය සිවිල් සංවිධානයේ නායක චන්දන ප්‍රේමසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (09) පෙරවරුවේ අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක් කැඳවමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,” අපි සියලු දේශපාලන පක්ෂ වල දේශපාලන ජාවාරම් දුෂ්ඨිවාදීව, විමර්ශනශීලීව පෙන්වා දුන්නා, ඒ දේශපාලන පක්ෂ සියල්ලම නිහඩයි, අපි කිව්වේ සම්පූර්ණ ඇත්ත, අපි ඉදිරියටත් ඒවා හෙළි කරනවා.දැන් අතිගරු ෆේස් බුක් ජනාධිපති අනුරකුමාර දිසානායකගේ ෆේස් බුක් කමෙන්ට් කල්ලිය බොහොම කළබල වෙලා පිස්සෝ වගේ හැසිරෙනවා.අපි ඇතත් පෙන්නා දුන්නාම ඇත්ත පිළි නොගෙන අපිට අභියෝග කරනවා අනුර කුමාර දිසානායක කියන්නේ කවුද කියලා දන්නවාද කියලා? අයියෝ අපි දන්නවා, අනුර කුමාර දිසානායක කියන්නේ මේ රටේ නොම්මර එකේ දේශපාලන ජාවාරම්කාරයෙක්.ඒක තමයි ඇත්ත, මේ බුද්ධිමය අරගලයට කියලා දෙන්න එන්න එපා මේ රටේ දේශපාලඥයෝ කවුද කියලා.මේ හැම කෙනෙක්ගේම පට්ටන්දරයන් අපි ලඟ තියෙනවා. අපි මඩ ගහන්නේ නෑ, අපිට අතිගරු ෆේස්බුක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ළපයෙන් වැඩක් නෑ, පුංචි අම්මගෙන් වැඩකුත් නෑ, පුංචි අම්මාගේ දුවගෙන් වැඩකුත් නෑ, අපිට වැදගත් වෙන්නේ අතිගරු ෆේස් බුක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලනය පමණයි, අපි විවේචනය කරන්නේ අනුර කුමාරලාගේ දේශපාලනය.හැප්පෙනවා නම් හැප්පෙන්නත්, සාකච්ජා කරනවා නම් සාකච්ජා කරන්නත් බුද්ධිමය අරගලය සූදානම්. ජනාතා විමුක්ති පෙරමුණේ /ජාතික ජන බලවේගයේ දේශපාලන ජාවාරමේ තොරන් රාජයාගේ පළවැනි කොටුව අපි මෙහෙම විස්තර කරනවා.අපි කියනවා පැහැදිලිවම අනුර කුමාර දිසානායක කියන්නේ නොම්බර එකේ දේශපාලන ජාවාරම්කාරයෙක්.අපි මේක ඔප්පු කරන්න තමයි සූදානම් වෙන්නේ.මම වගකීමෙන් කියනවා අනුර කුමාර දිසානායකලාට වංචාව, දූෂණය කියන වචනයවත් කියන්න අයිතියක් නෑ.යහපාලන ආණ්ඩුවේ අමාත්‍යය මණ්ඩල තීරණ පත්‍රිකා 150005/602/202 යටතේ වංචා විමර්ශන කමිටුව පත් කරනවා. මේ කමිටුවේ සභාපති අනුර කුමාර දිසානායක.මේ කමිටුවේ හිටියා රනිල් වික්‍රමසිංහ, පාඨලී චම්පික රණවක, විජේදාස රාජපක්ෂ, සරත් ෆොන්සේකා, රාවුෆ් හකීම්, ආර්.සම්බන්ධන්, සුමන්තිරන්, මලික් සමරවීක්‍රම යන අය, අපි මේ කියන්නේ බොරුවක් නම් මේ සියලු දේශපාලඥයින්ගෙන් සාක්ෂි ගන්න පුලුවන්, අනුකමිටු පත් කළා, ඒවායෙත් සම්බන්ධිකරණ කටයුතු සඳහා අනුර කුමාර දිසානායක ඉන්නවා.අනු කමිටු වල ලොක්කත් එයා.අනුර කුමාරට තිබුණ බලතල දැක්කාම ජනතාව පුදුම වෙයි.ජනාධිපතිවරයකුට හා සමාන බලතල තිබුණා වංචා දූෂණ නවත්වන්න වර්ථමාන ෆේස් බුක් ජනාධිපති අනුර කුමාර දිසානායකට. පසුගිය වකවානු වල සිදු වූ වංචා- දූෂණ හෙළි කර ගැනීම, සැක සහිත ඕනෑම අයෙකුගේ බැංකු ගිණුම්, සේප්පු, සියලු ගණුදෙනු, ලිපි ලේඛණ පරික්ෂා කිරීමේ බලය ලැබුණා මෙයාට, අනුර කුමාරට අවශ්‍ය ඕනෑම රාජ්‍යය නිළධාරියෙක් තොරා ගන්න පුලුවන් මේ කටයුතු සඳහා. අනුර කුමාර මහතාගේ අභිමතය පරිදී ඕනෑම පොලිස් නිළධාරීන් කැමති ප්‍රමාණයක් යොදා ගන්න පුලුවන්, තමන් කැමති නීතීඥවරුන් තෝරා ගන්න පුලුවන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඕනෑම නිළධාරීන් කොටසක් තෝරා ගන්න පුලුවන්, කිසිඳු නියෝගයකට යටත් නොවී ඕනෑම පුද්ගලයෙකු සාක්ෂි සහිතව අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ බලය අනුර කුමාර මහත්තයාට තිබුණා,ඒ විතරක් නෙමෙයි, අනුර කුමාර මහත්තයෝ ඔයාට හෙණ ගහනවා, බලන්න මෙයාට තිබුණ බලතල අනාගතයේ කිසිදු වංචා – දූෂණයකට ඉඩ නොතබා එය වැලැක්වීම සඳහා අවශ්‍යය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතී සම්පානය.දැන් වැඩිය ඕන නෑ, අපිට මේ බලතල ලැබුණා නම් අපි ඉස්සරලාම කරන්නේ පොලිස්පති පත් කිරීමේ බලය ගරු අධිකරණයේ විශේෂ කොමිෂන් සභාවක් පත් කරලා ඒ කොමිෂන් සභාවට ලබා දෙනවා.එහෙම කළා නම් මේ දේශපාලඥයෝ ඉවරයි, ඊලඟට නීතීපති පත් කිරීමේ බලය විනිසුරු ඡන්දයෙන් තෝරන්න නීතී හදනවා. දැන් විගණකාධිපති වගකියන්නේ පාර්ලිමේන්තුවටනේ, හොරුන්ගේ ගිණුම් පරික්ෂා කරන කෙනා වගකියන්න ඕන හොරුන්ට, ඉතින් කොහෙද වංචා දූෂණ නවත්වන්නේ, මේ ඔක්කොම අනුර කුමාරට වෙනස් කරන්න තිබුණා.මේ බලතල ඕනවාටත් වඩා වැඩියි ඔය දැන් කයිවාරු ගහන අනුර කුමාරට, මේ රටේ වංචා දූෂණ හෙළි කරලා, ඒ මුදල් අය කරගෙන, හොරු ටික හිරේ දාන්න.
ඒ බලතල අරගෙන අනුර කුමාර මේ රටේ ඔක්කොම වංචා දූෂණ හෙව්වා, ෆයිල් හැදුවා, ඒවාට වගකිව යුත්තන්ට කථා කරලා කුට්ටි පිටින් ගිල්ලා, ඔන්න ඔහොමයි අයිඩෙන්ටි කාඩ් එකතු කරලා කැලේ හැංගිලා හිටිය අනුර කුමාර බිලියනපතියෙක් බවට පත් වෙන්නේ.වංචා දූෂණ ෆයිල් හදලා එක එක වරදාන , වරප්‍රසාද, ප්‍රථිලාභ අරගෙන, කුට්ටි ගිලලා ඒ ෆයිල් එක ගෙදර අරන් යනවා.වංචා දූෂණ අල්ලලා ඒකට වගකිව යුත්තන් හිරේ දාන්න තිබුණ ෆයිල් ටික කුට්ටිය ගිලලා ගෙදර අරන් යනවා, ගෙදර ෆයිල් පුස්ථකාලයක් හදලා, අර පහුගිය දවස් වල එළියට දැම්මේ අන්න ඒ ෆයිල් ටික, කොච්චර නම් කුට්ටි ගිළින්න ඇතිද? මේ තරම් බලයක් ලැබිලා ඔහේ හොයාගත්ත වංචා දූෂණ මොනවාද කියලා අපි අභියෝග කරලා අහනවා.මොනවාද කරපු පරීක්ෂණ, මොනවාද ඒවායේ ප්‍රථිපල කියලා අපි අනුර කුමාර දිසානායකගෙන් අහනවා.ඔය තරම් බලයක් තිබිලා කාවද අත්අඩංගුවට ගත්තේ කියලා කියන්න ෆේස් බුක් ජනාධිපතිතුමෝ.ජනතාව රවට්ටපු තක්කඩියා ආයෙත් කියනවා වංචා දූෂණ නවත්වනවාලු, කට්ටිය හිරේදාලා, ඒ මුදල් අය කරගෙන රට ගොඩනගනවාලු,ඕක ගිහින් කියන්න ඕන කොණ්ඩේ බැඳපු චීන්නුන්ට,මේවාට රැවටුණ ජනතාවක් ඉන්නවා, අපි මේ රටේ ජනතාවට පැහැදිලිව කියනවා අනුර කුමාරට තවත් බලයක් දුන්නොත් දැන් බිලියනපතියෙක් වෙලා ඉන්න අනුර කුමාර, ට්‍රිලියනපතියෙක් බවට පත් වෙයි, වෙන නම් රටටවත්, ජනතාවටවත් සෙතක් වෙන්නේ නෑ.
ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ විජේවීර මැතිතුමා නිර්ධන පන්තිය වෙනුවෙන් සටන් කළා, ප්‍රථිපත්ති පාවා නොදී , ධනපති පන්තිය ලඟ දණ ගහන්නේ නැතිව, ධනපති පන්තියේ සපත්තු ලෙව කන්නේ නැතිව සිංහයෙක් වගේ තමන්ගේ ජීවිතය පූජා කළා, නමුත් රෝහණ විජේවීර සඟයා මේ අනුර කුමාරලා වගේ ධනපති පන්තියේ සපත්තු ලෙවකෑවා නම්, නිර්ධන පන්තිය පාවා දුන්නා නම් එතුමාත් අද බිලියනපතියෙක්, ගෑණු -දරුවෝ සුර සැප විඳිනවා.රෝහණ විජේවීර සඟයාගේ මළ-මිනිය විකුණන් කන අනුර කුමාරලාගේ දේශපාලනයේ නිරුවත පෙන්වන්න අපි ලෑස්තියි.අනුර කුමාරලාට රෝහණ විජේවීර ගැන කිසිම තැකීමක් නෑ, රෝහණ විජේවීරගේ මරණ සහතිකය ගන්න ඔහුගේ අහිංසක බිරිඳට උදව් නොකළ අනුර කුමාර දිසානායකලා අරන් යන දේශපාලන ජාවාරම තේරුම් ගන්න පුලුවන්ද කියලා අපි අහනවා සැබෑ ජනතා විමුක්ති පෙරමුණු පාක්ෂිකයන්ගෙන්. ධම්මික පෙරේරා ව්‍යාපාරිකයා ලඟ දණ ගහලා සපත්තු ලෙව කාළා, නිවටයෝ වගේ පෝස්ටර් ගහන්න මැතිවරණ ව්‍යාපාර වලට සල්ලි ගත්තේ, අනුර කුමාර දිසානායක.ඇයි මේ රෝහණ විජේවීර උතුම් මිනිහාගේ ප්‍රථිපත්ති මේ ධනපති පන්තිය ලඟ පාවා දෙන්නේ.විජේදාස රාජපක්ෂ නීතීඥතුමන්ගේ හිතවත් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 25 ක් ගත්තා, ඒ ධනපතියාගෙත් සපත්තු ලෙව කෑවා නිවටයෝ වගේ දණ ගැහුවා ධනපති පන්තිය ඉස්සරහා.පාස්කු ප්‍රහාරයට චෝදනා ලැබූ ඒබ්‍රහීම් කියන ව්‍යාපාරිකයා ලඟ ගිහින් බිලියන ගණන් කුට්ටි ගිල්ලා, ඒ ගිලපු චූන් එකට ඒබ්‍රහීම් මහත්තයාගේ එකම පවුලේ දරුවෝ දෙන්නටයි, ලේලිටයි ලිස්ට් එකෙන් පාර්ලිමේන්තු එන්න යෝජනා කළා.අනුර කුමාරගේ යට ඇඳුමෙන් පවා නිරූපනය වෙන්නේ ධනපති පන්තියේ ආශ්වාදය. ටී.වී දෙරණ එකට අනුර කුමාර මේ දවස් වල බනිනවා, අනුර කුමාරලාගේ හෙංචයියෝ, ටී.වී දෙරණ එකෙන් මිලියන ගණන් ඇඩ් දාගද්දී, ටී.වී දෙරණ හොඳායි, දැන් පිනට ඇඩ් නැති වෙද්දී ටී.වී දෙරණ නරකායි.දිලිත් ජයවීර මැතිතුමා අනුර කුමාරගෙන් අහන්න එපැයි ඈ ගස් බල්ලෝ රෝහණ විජේවීර කියන්නේ නිර්ධන පන්තිය නියෝජනය කරන මිනිහෙක්, ධනපති පන්තිය ලඟ දණ ගැහුවේ නෑ, සිංහයෙක් වගේ මිය ගියා, උඹලාට ලැජ්ජා නැද්ද ජනතා විමුක්ති පෙරමුණ විකුණගෙන කන්න කියලා.ඕකයි අනුර කුමාරලාගේ දේශපාලන පතිවත.අනුර කුමාරලා අවුරුදු 30 ක් නිර්ධන පන්තිය ධනපති පන්තියට යටකළ වරදට අද රෝහණ විජේවීර සඟයා හිටියා නම් අනුරකුමාරටයි, හතර දෙනාගේ කල්ලියටයි ඔලුව කුඩු වෙන්න වෙඩි තියෙනවා.අනුර කුමාර දිසානායකට තවත් ඇඳුමක් ඇඳගෙන ජාතික ජන බලවේගයේ වේදිකාවකට නගින්න පුලුවන්ද කියලා අපි අහනවා. රෝහණ විජේවීර මැතිතුමා කියලා තියෙනවා, ධනපති පන්තියේ දෝලාව කරේ තියන් යන්නේ කුණම්මඩුවෝ කියලා, අනුර කුමාර දිසානායකත් කුණම්මඩුවෙක්. චන්ද්‍රිකා මැතිණියගේ දෝළාව කරේ තියන් ගිහින් චන්ද්‍රිකා මැතිණිය එක්ක හනිමූන් ගියා, මහින්ද රාජපක්ෂ දෝළාව කරේ තියන් ගිහින් මහින්ද රාජපක්ෂ එක්ක මගුල් කෑවා, ඊළඟට සරත් ෆොන්සේකාගේ දෝලාව කරේ තියන් ගියා.එහෙම මගුල් කාපු අනුර කුමාර, රනිල් හා මෛත්‍රී එක්ක එකගෙයි කෑවා, දැන් හොරෙන් හොරෙන් වර්ථමාන ජනාධිපතිතුමාගෙත් දෝලාව කරේ තියන් යනවා.මෙහෙම මගුල් 05 ක් කාපු අනුර කුමාර දිසානායක, අනාචාරයේ හැසිරිලා දැන් ස්වයං වින්දනයේ යෙදනවා.අනුර කුමාර දිසානායක දැන් ප්‍රධාන ආයතනයක් එක්ක දැන්වීම් කරනවා, ජාතික ජන බලවේගය දැන් ප්‍රචාරණ ක්‍රියාවලියට යොදාගෙන තියෙන්නේ මාකෝස් න්‍යාය.මේ තරුණ තරුණයේ ෆේස් බුක් එක තුළින් අනුර කුමාරලා එක්ක එකතු වෙලා නෑ, අනුර කුමාරලා කල්ලියක් දාලා ෆේස් බුක් එක තුළ පෙන්වන්න උත්සහ කරනවා එයාලට රැල්ලක් තියෙනවා කියලා. මාකෝස් මුළධර්මය යොදාගෙන එයාලා සමාජ මතයක් නිර්මාණය කරන්න උත්සහ කරනවා.ඉස්සරහට අනුර කුමාර දිසානායක මේ රටේ ප්‍රධාන ජාතික මාධ්‍ය ඉස්සරහට එන්නේ නෑ, ඒ වගේ ජාතික මාධ්‍යයේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නෑ.සමාජ මාධ්‍ය විතරක් යොදා ගෙන බොරුව වපුරලා වැරදි ජනමතයක් නිර්මාණය කිරීමයි අනුර කුමාරලාගේ උත්සහය. අනුර කුමාර දිසානායකලා අර වංචා දූෂණ කොමිසමේ සභාපති ධූරය දරණ කාළයේ ගිලපු කුට්ටි වලින්දෝ, එහෙම නැත්නම් ධනපති පන්තිය ඉදිරියේ දණ ගහලා හිඟාකන කුට්ටි වලින්ද මේ විශාල මැතිවරණ මෙහෙයුමක් කරනවා.බස් දාලා, ජනතාව ගෙන්නලා, මාධ්‍ය කණ්ඩායම් විශාල ප්‍රමාණයක් යොදා ගනිමින් ධනපති පන්තියේ අරමුණු ඉෂ්ඨ කිරීමේ පජාතික බලවේගයක්, මේ ධනපති අනුරලාගේ වත්කම් බිලියන ගණන්, අනුර කුමාර දිසානායක මහත්තයෝ කොන්ද පණ තියෙනවා නම් ඔයාගේ වත්කම බිලියන 06 ද 08 ද කියලා කියන්න.අනුන්ගේ වංචා දූෂණ හොයන්න යනවා තමන්ගේ වත්කම් හංගාගෙන, අනුර කුමාර වත්කම් හංගන කොට මට මතක් වෙන්නේ වයසක අත්තම්මලා, වයසක අත්තම්මලා හැබිලිය හංගනවා වගේ තමයි අනුර කුමාර දිසානායකලා වත්කම හංගන්නේ යැයි චන්දන ප්‍රේමසිංහ මහතා පැවසීය.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 25
Previous Post

ලංකාවේ වන ආවරණය 16% දක්වා අඩු වී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍යයි – වන සංරක්ෂක ජනරාල්

Next Post

මේක තීරණාත්මක මැතිවරණයක් …අපි ජය ගන්නවා – අනුර කුමාර දිසානායක

editor

editor

Next Post

මේක තීරණාත්මක මැතිවරණයක් ...අපි ජය ගන්නවා - අනුර කුමාර දිසානායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved