ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළඹෙන සිකුරාදා (20) පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව සභානායක බිමල් රත්නායක මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවේදී නිල වශයෙන් ප්‍රකාශ කළේය.
වත්මන් ලෝක තත්ත්වය සහ බලශක්ති අර්බුදය හමුවේ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කිරීමට නියමිතය
මෙම අවස්ථාවට සමගාමීව විපක්ෂයේ පක්ෂ නායකයින්ට ජනාධිපතිවරයා සමඟ සෘජුව සාකච්ඡා කිරීමට ද අවස්ථාව සැලසෙන බව සභානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය
හෙට (19) සහ අනිද්දා (20) යන දිනවල පැවැත්වීමට නියමිත ලෝක තත්ත්වය පිළිබඳ විශේෂ විවාදයේ සමාප්ති දිනය වන සිකුරාදා දිනයේදී ජනාධිපතිවරයාගේ මෙම දේශනය පැවැත්වේ
ඉන්ධන සහ ගෑස් සැපයුම ස්ථාවර කිරීම පිළිබඳව ජනාධිපතිවරයා පසුගියදා කළ ප්‍රකාශයන්ගෙන් අනතුරුව, පාර්ලිමේන්තුවේදී සිදු කරන මෙම දේශනය පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් යොමුව තිබේ.
















