අනුරාධපුර ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 255ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු උතුරු මැද පළාත් අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට ලැබුණු රහස් තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, සැකකරු මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














