ප්‍රසිද්ධ යූටියුබ් (YouTuber) තරුවක සහ ‘Bigg Boss 17’ රියැලිටි තරගාවලියේ හිටපු තරගකරුවෙකු වන අනුරාග් ඩොබල්, පසුගිය වසර පුරා තමා බරපතල මානසික පීඩනයකට සහ හිරිහැරවලට ලක්වූ බවට අද (මාර්තු 03) ඉන්ස්ටග්‍රෑම් (Instagram) ඔස්සේ සංවේදී හෙළිදරව්වක් සිදුකර තිබේ. ‘UK07 Rider’ ලෙස ප්‍රකට ඔහු මාස හතක පමණ කාලයක සිට සිය යූටියුබ් නාලිකාවට වීඩියෝ ඉදිරිපත් කිරීමෙන් ද බැහැරව සිටියේය
පසුගිය වසරේ සිට ඇතැම් පිරිසක් තමාට මානසිකව හිරිහැර කරමින් තම පවුලේ ආර්ථික ශක්තිය සහ සමීප සබඳතා සියල්ල විනාශ කළ බව අනුරාග් පවසයි. තමාට ඉතාම සමීපව සිටි පිරිස් විසින් සිදුකළ මෙම වධහිංසා හේතුවෙන් තමාට ජීවත් වීමට පවා බලාපොරොත්තුවක් ඉතිරි නොවූ බවත්, දැන් එම පිරිස තමා පසුපස හඹා එමින් තමා මරා දැමීමට පවා සැලසුම් කර ඇති බවත් ඔහු චෝදනා කරයි. තමා තවදුරටත් මෙය ඉවසා සිටීමට සූදානම් නැති බව පවසන අනුරාග්, තමා යම් තීරණයක් ගැනීමට පෙර මෙම අසාධාරණකම්වලට සම්බන්ධ සියලු දෙනාගේ සැබෑ මුහුණුවර ලොවට හෙළි කරන බවට ද ප්‍රතිඥා දී තිබේ.
මෙම පුවතත් සමඟ ඔහුගේ විශාල රසික පිරිස (Bro Sena) සමාජ මාධ්‍ය ඔස්සේ සිය දැඩි කනස්සල්ල පළ කරමින් සිටිති. අනුරාග් ඩොබල් 2026 වසරේ අප්‍රේල් මාසයේදී සිය පෙම්වතිය වූ රිතිකා චෞහාන් සමඟ විවාහ දිවියට ඇතුළත් විය.














