• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තාරුණ්‍යයේ ජයග්‍රහණ අගයන New Generation Awards 2023 හි අයදුම්පත් කැඳවයි

10 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජාතික තරුණ සේවා සභාව (NYSC) සහ The WIM New Generation Chapter (NG Chapter), එක් ව අඛණ්ඩව 4 වන වරටත් සංවිධානය කෙරෙන New Generation Awards සඳහා අයදුම්පත් භාර ගැනීම දැන් ආරම්භ වී ඇත.

පාසල් සිසු සිසුවියන්, උපාධි අපේක්ෂකයින්, ව්‍යවසායකයින්, නවෝත්පාදකයින්, ස්වේච්ඡා සේවකයින්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, මාධ්‍ය ක්ෂේත්‍රයේ නියුතු වෘත්තිකයින්, කලාකරුවන්, කෘෂිකාර්මික හා සාමාජීය ක්ෂේත්‍රවල නියුතු වූවන් සහ වෘතිකයන් ආදී වශයෙන් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන, වයස අවුරුදු 15ත් 30ත් අතර දක්ෂ තරුණ තරුණියන්ට මෙම සම්මාන සඳහා අයදුම් කළ හැකිය.

විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිය අනාගතය ඔප්නංවා ගැනීමට වෙර දරන තරුණ තරුණියන්ගේ කැපී පෙනෙන ජයග්‍රහන ඇගයීම වෙනුවෙන් 2020 දී ආරම්භ කෙරුණු මෙම සම්මාන උළෙල මඟින් විවිධ ක්ෂේත්‍රයන්හි ඔවුන්ගේ කැපවීම, නවෝත්පාදන කුසලතාව සහ පවතින සමාජයෙන් ඔබ්බට ධනාත්මක වෙනසක් ඇති කිරීම වෙනුවෙන් ඔවුන්ගේ කැප වීම ඇගයුමට ලක් කෙරේ. වෙනස් වීම කෙරෙහි තාරුණ්‍යයේ අවධානය යොමු කරමින්, ‘එඩිතර ව වෙනස කරා’ යන තේමාව යටතේ මෙවර New Generation Awards සම්මාන උළෙල පැවැත්වේ. මෙහි ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස අඛණ්ඩව 3 වැනි වරටත් ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා දෙනු ලබන්නේ ‘සූරියා’ විසිනි.

New Generation Awards 2023 සම්මාන උළෙල පිළිබඳ ව පැවති විශේෂ මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින්, The WIM New Generation Chapter හි සභාපති කසුන් සිගේරා මහතා පැවසුවේ, “අපගේ අරමුණ වන්නේ අනාගතය පිළිබඳ ව යහපත් චින්තනයෙන් යුත් ශක්තිමත් තාරුණ්‍යයක් ගොඩනැංවීම සහ ඒ සඳහා ඔවුන් දිරිගැන්වීමයි. ශ්‍රී ලංකාව නැවත නඟාසිටුවීමට දායක වීම සඳහා දූරදර්ශී දැක්මක් සහිත ව තාරුණ්‍යය මෙහෙයවීම වෙනුවෙන් කැප වන අපි සියලු ම දෙනා අපගේ මාතෘ භූමිය, ජනතාව මෙන් ම පරිසරය පිළිබඳ යහපත් ආකල්ප සහ හැඟීමකින් යුත් අනාගත පරපුරේ තරුණ තරුණියන්ගේ අසීමිත හැකියා පිළිබඳ ව නිරන්තරයෙන් විශ්වාස කරන” බවයි.

ශ්‍රී ලංකේය තරුණ තරුණියන්ට තම හැකියාවන් සහ දක්ශතාවන් ඔප් නැංවීමට මගඟු තෝතැන්නක් වන ජාතික තරුණ සේවා සභාවේ (NYSC) මෑත ඉතිහාසයේ ප්‍රථම නව පරපුරේ අධ්‍යක්ෂක දූරය හොබවන සභාපති/අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, “ශ්‍රී ලංකාවේ තාරුණ්‍යය රට නැවත ශක්තිමත් කිරීමේ සහ සංවර්ධනයේ කොටස්කරුවන් කිරීම වෙනුවෙන් කැප වීම පිළිබඳ අපට ඇත්තේ මහත් අභිමානයක්. ඔවුන්ගේ ආත්ම ශක්තිය, නොබියව ඉදිරියට යාමේ හැකියාව සහ නව්‍යකරණ දැනුම දියුණුවේ මාර්ග විවර කරන්නේ රට වෙනුවෙන් ධනාත්මක ව ඉදිරියට යන ගමනට ආදර්ශයක් සපයමින්.” යනුවෙනි.

මෙවර New Generation Awards විනිසුරු මඩුල්ල නියෝජනය කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ අලෙවි කළමනාකරණ අධ්‍යනාංශයේ මහාචාර්ය (ආචාර්‍ය) රවී දිසානායක මහතා පැවසුවේ, “අප මෙම ඇගයීම් ක්‍රියාවලිය මඟින් ජයග්‍රාහකයෙකු තෝරා ගැනීමට වඩා, අප බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාව අනාගත ජයග්‍රාහී ගමනකට රැගෙන යා හැකි දැවැන්ත චරිත හඳුනා ගැනීමටයි. ” යනුවෙනි.

The WIM New Generation Chapter හි නිර්මාතෘ, ආචාර්ය සුලෝචනා සිගේරා මහත්මිය මාධ්‍ය හමුව අවසන් කරමින් කියා සිටියේ, “ පසු ගිය වසර තුළ ගෝලීය ආර්ථිකය වෙනස් වීම සහ තාක්ෂණික ප්‍රගතිය හමුවේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන තීරණාත්මක සන්ධිස්ථානයක් වෙත ළඟා වී තිබෙනවා. ඒ සඳහා තරුණ තරුණියන්ගේ සක්‍රීය දායකත්වය අත්‍යවශ්‍ය යි. මේ අවශ්‍යතාවය හඳුනාගනිමින්, තිරසාර ආර්ථික වර්ධනයක් සහ සෞභාග්‍යමත් අනාගතයක් වෙනුවෙන් තරුණ තරුණියන්ගේ හැකියාවන් උපයෝගී කර ගැනීම සඳහා රට පුරා සිටින තරුණ නායකයින් සහ පාර්ශවකරුවන් කටයුතු කරමින් සිටින බව පැවසිය යුතු ම යි.” යනුවෙනි.

New Generation Awards සඳහා අයදුම්පත් භාර දීම 2023 අගෝස්තු 31 දක්වා විවෘතව පවතින අතර, අයදුම් කිරීම The WIM New Generation Chapter හි නිල වෙබ් අඩවිය වන www.womeninmanagementawards.org හරහා සිදු කළ හැකිය. නාම යෝජනා ලබා දෙන පුද්ගලයින් විසින් නාමිකයාගේ ජයග්‍රහණ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු, උපකාරක ලියකියවිලි සහ යොමු කිරීම් සමඟින් අදාළ නාම යෝජනාව ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු ය.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න මහතා ඇතුළු ව විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කීර්තිමත් වෘත්තිකයන්ගෙන් සැදුම් ලත් විනිශ්චය මණ්ඩලයක් විසින් මෙවර New Generation Awards ජයග්‍රාහකයින් තෝරා ගනු ලබන අතර, එම විනිසුරු මඩුල්ලට කැළණිය විශ්වවිද්‍යාලයේ අලෙවි කළමනාකරණ අධ්‍යනාංශයේ මහාචාර්ය (ආචාර්‍ය) රවී දිසානායක, ස්වාධීන රූවපාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදර්ශන ගුණවර්ධන, Inexis උපදේශන සමාගමේ නිර්මාතෘ/ප්‍රධාන විධායක නිලධාරිණී හා YWayz හි අධ්‍යක්ෂිකා ආචාර්ය යශෝධා වේලානන්ද, ෂිපර්ස් ඇකඩමියේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මස්කෝරළ, CIMA හි දේශීය කළමනාකාරිණී සාරා අන්සාරි සහ කොකාකෝලා ශ්‍රී ලංකා මහජන සම්බන්ධතා, සන්නිවේදන සහ තිරසාරත්වය පිළිබඳ අධ්‍යක්ෂිකා තමරි සේනානායක යන මහත්ම මහත්මීහු ඇතුළත් වෙති. ඔවුන්ගේ විශේෂඥතාව ජයග්‍රාහකයින් හඳුනා ගැනීම සඳහා ඵලදායී කාර්යභාරයක් ඉටු කරනු ඇත.

පිටපත -PR

Post Views: 7
Previous Post

කාලගුණයේ සිදුවන වෙනස්වීම් දේශපාලනීකරණය කරන්න එපා – රාජ්‍ය ඇමති තෙන්නකෝන්

Next Post

සාරභූමි ලංකා බයෝ ප්‍රඩක්ට් සමාගමේ නවතම පර්යේෂණ, සංවර්ධන හා පුහුණු මධ්‍යස්ථානයක් විවෘත කෙරේ

editor

editor

Next Post

සාරභූමි ලංකා බයෝ ප්‍රඩක්ට් සමාගමේ නවතම පර්යේෂණ, සංවර්ධන හා පුහුණු මධ්‍යස්ථානයක් විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved