මෙරට සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කිරීමේ අරමුණින්, සිසු හෙද පුහුණුව සඳහා තෝරාගත් අයදුම්කරුවන් 2,918 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 2025 වර්ෂයට අදාළ 2022 කණ්ඩායමේ සිසුන් සඳහා මෙම පත්වීම් පිරිනැමීම සිදු කෙරේ.
මෙම නිල උත්සවය ලබන සෙනසුරාදා (මාර්තු 14) පෙරවරු 8.30ට කොළඹ අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට නියමිතය. පත්වීම් ලිපි ලබා ගැනීමට නියමිත සියලුම සිසුන් එදින පෙරවරු 7.00ට පෙර අදාළ ස්ථානයට පැමිණ සිටිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දී සිටියි.
මෙම නව බඳවා ගැනීම් හරහා රජයේ රෝහල් පද්ධතිය තුළ පවතින හෙද හිඟය අවම කිරීමටත්, මහජනතාවට වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැපයීමටත් රජය අපේක්ෂා කරයි.














