දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් ජනතාවට ලබාදීමට තිබූ රජයේ සහනාධාර තොගයක් සිය නිවෙස්වල සඟවාගෙන සිටි අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියන් දෙදෙනෙකු අරණායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් එක් නිලධාරිනියක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගබඩා භාරකාරිණිය ලෙස කටයුතු කර ඇති බව වාර්තා වේ.
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විමර්ශන නිලධාරීන් සහ පොලීසිය එක්ව සිදුකළ වැටලීමකදී මෙම භාණ්ඩ තොගය සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.














