තමන් මෙම රටට ආදරය කරන බවත්, ජනාධිපතිවරයා විසින් මෙරට “හුණ්ඩුවක්” ලෙස හැඳින්වීම පිළිබඳව තමන් කනගාටු වන බවත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
මන්ත්‍රීවරයා මෙහිදී දැක්වූ අදහස්වල සාරාංශය මෙසේය. දෙමළ භාෂාවෙන් හුණ්ඩුවට “සුණ්ඩු” (Sundu) යනුවෙන් පවසන බවත්, පාසල් යන අවධියේදී ඇතැම් රටවල් ගැන පැවසූ ආකාරයට දැන් තමන්ට “I am from Sundu” ලෙස පැවසීමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය. රජය විසින් ආරම්භ කළ “Clean Sri Lanka” සහ “Rebuild Sri Lanka” වැනි වැඩසටහන් හුදෙක් වචනවලට පමණක් සීමා වී ඇති බවට ද ඔහු මෙහිදී විවේචනය කළේය.
විශේෂයෙන්ම මෙම හදිසි නීති ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් රජයට එරෙහි මත මර්දනය කිරීමටත්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඉලක්ක කිරීමටත් ආණ්ඩුව සැරසෙන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. වෙනම රටක් පිළිබඳව අදහස් දැක්වුවද තමන් ශ්‍රී ලංකාවට ආදරය කරන බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කර සිටියේය.











