මීගොඩ ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් විසිපන් ලක්ෂ පනස්දහසක් (25,50,000) පමණ වටිනා රන් ආභරණ තොගයක් සොරකම් කරන ලද සැකකරුවෙකු මීගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් නිලධාරීන්ට ලැබුණු විශේෂ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා පුවක්වත්තහේන, මීගොඩ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි අයෙකි. සැකකරු සන්තකයේ තිබී සොරාගන්නා ලද රන් මාල 04ක්, රන් මුදු 03ක්, පංචායුධයක්, පෙන්ඩනයක් සහ රුපියල් 18,770ක මුදලක් පොලිස් භාරයට ගෙන තිබේ. මීට අමතරව, සොරාගත් රන් භාණ්ඩ උකස් තැබීමට අදාළ බිල්පත් 03ක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මීගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි. ප්‍රදේශයේ සිදුවන මෙවැනි සොරකම් වැළැක්වීම සඳහා පොලිස් මුර සංචාර තීව්‍ර කිරීමට ද පියවර ගෙන තිබේ.














