විශේෂ පොලිස් මෙහෙයුමකදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ ‘කරන්දෙණිය සුද්දා’ නැමැත්තාගේ සහෝදරයාට අයත් නිවසක රැඳී සිටි පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ නිවසේ සැකකටයුතු පිරිසක් රැඳී සිටින බවට පොලීසියට ලැබුණු රහසිගත තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත. එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී නීති විරෝධී ගිනි අවි, ජීව උණ්ඩ සහ මත්ද්‍රව්‍ය තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබේ. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම පිරිස ප්‍රදේශයේ විවිධ අපරාධ ක්‍රියාවලට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සෘජුවම සම්බන්ධ වී ඇති බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සඳහා රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටී.














