පාදුක්ක පොලිස් වසමට අයත් අරුක්වත්ත ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් තොගයක් සමඟ සැකකාරියක් හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වැටලීම අප්‍රේල් 04 වැනිදා දහවල් කාලයේදී සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකාරිය සන්තකයේ තිබී නීති විරෝධී මත්පැන් ලීටර් 67.5 ක් (බෝතල් 90 ක්) පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අරුක්වත්ත ප්‍රදේශයේම පදිංචි 50 හැවිරිදි කාන්තාවකි. ඇයව වැඩිදුර විමර්ශන සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා පාදුක්ක පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර පාදුක්ක පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.














