• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අරුවක්කාලු කසල පැටවීම සහරඳවන පහසුකමේ මෙහෙයුම් කටයුතු ලබන වසරේදී ඇරඹේ – අමාත්‍ය ප්‍රසන්න

29 May 2023
in දේශීය

අරුවක්කාලු කසල ගොඩබෑම,කසල පැටවීම සහ කසල රඳවන පහසුකමේ මෙහෙයුම් කටයුතු ලබන වසරේදී ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

දිනෙන් දින ඉහළ යන නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටළුව විසඳීම සඳහා සනීපාරක්ෂක කසල රඳවනයක අවශ්‍යතාවය අරමුණු කරගනිමින් මෙම කසල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ.

වර්තමානයේ අරුවක්කාලු කසල ව්‍යාපෘතිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වේ.

ඒ අනුව කොළඹ අග නගරයේ දෛනිකව එකතු වන කසල මෙට්ට්‍රක් ටොන් 1200 ක් පමණ කැලණිය, වනවාසල සිට කිලෝ මීටර 170 ක් පමණ දුරින් පිහිටි පුත්තලම, අරුවක්කාලු කසල අංගනය දක්වා දුම්රිය මගින් ප්‍රවාහනය කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කරනු ලැබේ.

අරුවක්කාලු කසල අංගනය සහ කැළණිය, වනවාසල අපද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථාන ඉදිකෙරන අතර චීන සමාගමක් වන චයිනා හාබර් ඉංජිනේරු සමාගම සහ සවුත්වෙස්ට් මියුනිසිපල් ඉංජිනියරිං ඇන්ඩ් රිසර්ච් ඉන්ස්ටිටියුට් ඔප් චයිනා සමාගම විසින් එහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි.

මෙම අපද්‍රව්‍ය අරුවක්කාලු කසල මධ්‍යස්ථානයේ ගොඩබෑමෙන් අනතුරුව අසල පිහිටි සනීපාරක්ෂක කසල රඳවනයට බැහැර කරනු ලැබේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ එහිදී දිනකට උපරිම වශයෙන් දුම්රිය ගමන්වාර දෙකක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි. ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය ආරම්භ වූ පසු මෙම දුමිරිය මාර්ගයේ ගමනාගමනය ඉතා අධික වේ. එබැවින් පුත්තලම නූර් -නගර් සිට අරුවක්කාලු දක්වා පවතින දුම්රිය මාර්ගය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවයක් ද මතුව ඇති බව හෙතෙම පැවසිය.

ඒ සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය සහ ප්‍රවාහන හා මාහාමාර්ග අමාත්‍යංශ එක්ව ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් මේ වනවිට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත.

මෙහෙයුම් කටයුතු සඳහා අරුවක්කාලු හී නව දුම්රිය අංගනයක් හා වේදිකාවක් සහ නව හරස් මාර්ගයක් ඉදිකිරීමට ද අදාළ කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කර තිබේ.ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් රුපියල් 186,120,025.23 ක මුදලක් ඇස්තමේන්තු කර තිබේ.

වර්තමානය වන විට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කොළඹ සිට නූර් – නගර් දක්වා මගී දුම්රිය ක්‍රියාත්මක කරනු ලබන අතර ඉන් ඔබ්බට දුම්රියක් ධාවනය නොකෙරේ. අරුවක්කාලු අංගනය ඇතුළු නූර් – නගර් සිට අරුවක්කාලු දක්වා දුම්රිය මාර්ග කොටස සියම් සිටි සිමෙන්ති සමාගම විසින් නඩත්තු කරනු ලැබේ.

Post Views: 8
Previous Post

ඓතිහාසික මහියංගනය පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ සන්නස් පත්‍රය ජනපති අතින් පිළිගන්වයි

Next Post

අධික උෂ්ණත්වයෙන් ඇතිවිය පීඩා අවම කරගන්න

editor

editor

Next Post

අධික උෂ්ණත්වයෙන් ඇතිවිය පීඩා අවම කරගන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved