ලෝක ප්‍රකට ඉන්දීය පසුබිම් ගායන ශිල්පිනී ආශා බෝස්ලේ (Asha Bhosle) අද (11) උදෑසන හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මුම්බායි හි ‘බ්‍රීච් කැන්ඩි’ (Breach Candy) රෝහලට ඇතුළත් කර තිබේ. 92 හැවිරිදි වියේ පසුවන ඇය රෝහල්ගත කර ඇත්තේ හෘදයාබාධයක් (Cardiac Arrest) සහ පෙනහළු ආශ්‍රිත සංකූලතා හේතුවෙන් බවත්, මේ වන විට ඇය දැඩි වෛද්‍ය නිරීක්ෂණය යටතේ පසුවන බවත් රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.
කෙසේ වෙතත්, ඇයගේ මිණිබිරිය වන සනායි බෝස්ලේ (Zanai Bhosle) සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේ අධික විඩාව සහ පපුවේ ඇති වූ ආසාදනයක් (Chest Infection) හේතුවෙන් ඇයව රෝහල්ගත කළ බවයි. දශක හතකට වැඩි කාලයක් ඉන්දීය සංගීතයේ රැජිනක ලෙස වැජඹුණු ඇය, පද්ම විභූෂණ සහ දඩාසාහිබ් ෆාල්කේ වැනි ඉහළම ගෞරව සම්මානවලින් පිදුම් ලබා ඇත. ඇයගේ සුවදුක් විමසීම සඳහා මුම්බායි නගරයේ කලාකරුවන් සහ රසිකයින් විශාල පිරිසක් රෝහල අවට රැස්ව සිටින බව ද වාර්තා වේ.














