• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

ආසියාවේ පාම් ඔයිල් කර්මාන්තය සවිබල ගැන්වීමේ සමුළුවක් මැලේසියාවේදී

19 April 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආසියාවේ පාම් ඔයිල් කර්මාන්තය සවිබල ගැන්වීමේ අරමුණින් ක්වාලාලාම්පූර් හි දී පැවැත්වුණු APOA පාර්ශ්වකරුවන්ගේ සමුළුවේ දී තිරසාර සංවර්ධනය සහ සහයෝගීතාව පිළිබඳ අවධානය යොමු කෙරේ.

Asian Palm Oil Alliance (APOA) විසින් 2023 මාර්තු 6 වන දින මැලේසියාවේ ක්වාලාලම්පූර් හි දී සිය පාර්ශවකරුවන්ගේ සමුළුවක් පැවැත්විණි.

මෙම සමුළුවට ගෝලීය තිරසාර කෘෂිකර්ම විශේෂඥ සංවිධානයක් වන Solidaridad Network හි නියෝජිතයෝ, ආහාරයට ගත හැකි පාම් ඔයිල් ආනයනය කරන ආසියානු රටවල් 5 ක කර්මාන්ත සංගම්වල නියෝජිතයෝ සහ Godrej International ඇතුළු ප්‍රධාන පාර්ශ්වකරුවෝ රැසක් සහභාගී වූහ. APOA සංවිධානය ආරම්භ කරනු ලැබුවේ ඉන්දියාව, පාකිස්ථානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ නේපාලයේ ද්‍රාව්‍ය නිස්සාරක සංගමය Solidaridad සමඟ එක් වෙමිනි. එහි අරමුණ වූයේ තිරසාර පාම් ඔයිල් කර්මාන්ත ක්ෂේත්‍රයක් මෙන්ම පාම් ඔයිල් ගුණාත්මක බවින්, ආර්ථිකමය වශයෙන් සහ සෞඛ්‍යාරක්ෂිත බවින් ඉහළ මට්ටමක පවතින බවට ප්‍රවර්ධනය කිරීමේ අරමුණිනි.

APOA හි සභාපති අතුල් චතුර්වේදි මහතා ආසියානු පාම් ඔයිල් සංගමය පිළිබඳව හඳුන්වා දෙමින් සමුළුව ආරම්භ කළ අතර, දැරිය හැකි මිලකින් යුත් පෝෂණීය ආහාර ප්‍රභවයක් වන පාම් ඔයිල් ආසියානු රටවල ප්‍රචලිත කිරීමේ අරමුණින් APOA එකමුතුව ආරම්භ කළ බව ඒ මහතා පැවසීය. APOA විසින් පාම් ඔයිල් පරිභෝජනය කරන ආසියානු රටවල ආර්ථික හා ව්‍යාපාරික අවශ්‍යතා සපුරාලීමටත්, ආහාර සහ ඔලියෝ රසායනික සඳහා භාවිත කරන සියලු ම තෙල් සහ මේද සඳහා ආසියාව තුළ හොඳ වෙළෙඳපොළක් නිර්මාණය කිරීමටත් කටයුතු කරන බව පැවසූ ඒ මහතා ඉදිරි වසරේ දී ආසියාවේ පා’ම් ඔයිල් නිෂ්පාදනය සහ පිරිපහදු කිරීමේ නිරත වන තෝරා ගත් සමාගම් සඳහා සාමාජිකත්වය ලබා දෙමින් මෙම එකමුතුව තව දුරටත් පුළුල් කිරීමට අරමුණු කරන බව ද සඳහන් කළේය.

ඉන්දියානු සමාගමක් වන Godrej International හි අධ්‍යක්ෂ ඩොරාභ් මිස්ට්‍රි මහතා මැලේසියානු සහ ඉන්දුනීසියානු පාම් ඔයිල් වගාකරුවන් සහ නිෂ්පාදකයින් මෙම ක්ෂේත්‍රයට වැදගත් සාර්ෂ්වකරුවන් කොටසක් බව අවධාරණය කරමින්, ඔවුන්ට මෙම සංවිධානය සමඟ එක් වීමට ආරාධනා කළ යුතු බව යෝජනා කළේය. ඉන්දියාව, බංගලාදේශය, නේපාලය, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර මනා සහයෝගීතාවක් ගොඩනැගෙමින් පවතින බවත්, පාම් ඔයිල් පරිභෝජනයෙන් 40% ක් ආවරණය කරන රටවල් පමණක් නොව, පාම් ඔයිල් නිෂ්පාදය කරන රටවලට ද එමඟින් කිසිඳු බාධාවක් එල්ල නොවන බවත් පැවසූ මිස්ට්‍රි මහතා ඒ වෙනුවෙන් සිය සතුට පළ කළේය.

ප්‍රධාන පාම් ඔයිල් නිෂ්පාදකයින් සියලු ම දෙනා ආසියානු ගැනුම්කරුවන්ගේ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරනවාට වඩා, යුරෝපයේ ගැනුම්කරුවන්ගෙන් පවතින ඉල්ලුමට වැඩි ප්‍රතිචාර දැක්වීමට නැඹුරු වී ඇති බව ඉන්දියාවේ ද්‍රාව්‍ය නිස්සාරක සංගමයේ සභාපති අජේ ජුන්ජුන්වාලා මහතා ප්‍රකාශ කළේය. යුරෝපීය සංගමය මගින් ආනයනය කරන පාම් ඔයිල් ප්‍රමාණය සමස්ත ගෝලීය පාම් ඔයිල් ආනයනයෙන් 9% කට වඩා අඩු මට්ටමක පවතින බව පෙන්වා දුන් ඒ මහතා ආසියානු ගැනුම්කරුවන්ගෙන් 40% ක පමණ ඉල්ලුමක් පවතින නමුත් පාම් ඔයිල් නිෂ්පාදකයින් යුරෝපා සංගමයේ ඉල්ලුමට මූලික අවධානය යොමු කරමින්, ආසියානු ගැනුම්කරුවන් නොසලකා හරින බව පෙන්වා දුන්නේය.

APOA හි මහලේකම් ආචාර්ය සුරේෂ් මොට්වානායි ප්‍රකාශ කළේ APOA එකමුතුව යනු ආසියානු පාම් ඔයිල් ක්ෂේත්‍රය ආශ්‍රිත පාර්ශවකරුවන්ගේ ගැටලු, අවශ්‍යතා සහ අභිලාෂයන් සඳහා පොදු විසඳුම් ලබා දීම වෙනුවෙන්, පාම් ඔයිල් පරිභෝජනය කරන රටවල් සම්බන්ධීකරණය කරනු ලබන සංවිධානය වන බවයි. එමෙන් ම පාම් ඔයිල් නිෂ්පාදන ක්ෂේත්‍රයේ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ ආසියානු රටවල එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම සංවිධානය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව ද ඒ මහතා පැවසුවේය. APOA හි අරමුණ ජාතික තිරසාර ප්‍රමිතීන්, ජාතික නීති සහ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කවලට (SDGs) අනුකූල වන පරිදි කාර්යක්ෂම, ඉහළ ආර්ථික වටිනාකමකින් යුත් සහ තිරසාර ලෙස අඛණ්ඩ පාම් ඔයිල් සැපයුමක් ලබා ගැනීම සඳහා එහි සාමාජිකයින් අතර සහයෝගීතාව ගොඩනැංවීම බව ද මොට්වානායි මහතා ප්‍රකාශ කළේය. එමෙන් ම සෘණාත්මක අදහස් හා මතවාද අභියෝග බැහැර කරමින්, ආසියාව තුළ පාම් ඔයිල් පරිභෝජනය ඉහළ නංවමින්, තිරසාර පාම් ඔයිල් නිෂ්පාදන ක්ෂේත්‍රයක් ස්ථාපිත කිරීමට APOA සංවිධානය නිරන්තරයෙන් කැප වන බව ද මොට්වානායි මහතා වැඩි දුර අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පාම් ඔයිල් කර්මාන්ත සංගමයේ (POIA) සභාපති ආචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා APOA සංවිධානය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ද්‍රාව්‍ය නිස්සාරක සංගමයට සහ Solidaridad වෙත සිය කෘතඥතාව පළ කළ අතර, මෙම සහයෝගීතාව මඟින් පාම් ඔයිල් නිෂ්පාදනය කරන රටවල ආර්ථික සහ ව්‍යාපාරික අවශ්‍යතා සපුරාලන ප්‍රතිපත්ති හා නිර්දේශ සමඟ එක්ව කටයුතු කිරීම සඳහා තම සංගමයට ලැබී ඇති වටිනා අවස්ථාව ඉතා කෘතඥතා පූර්වකව පිළිගත්තේය.

එමෙන්ම, පාම් ඔයිල් වගාව එක රැයකින් තහනම් කළ ලෝකයේ එක ම රට වන ශ්‍රී ලංකාවේ පාම් ඔයිල් නිෂ්පාදන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම වෙනුවෙන් තමා සමඟ අත්වැල් බැඳ ගැනීමට ශ්‍රී ලංකා පාම් ඔයිල් කර්මාන්ත සංගමය වෙත ආරාධනය කිරීම සම්බන්ධයෙන් ප්‍රනාන්දු මහතා APOA වෙත සිය ස්තුතිය පිරිනැමුවේය. ශ්‍රී ලංකාවේ පාම් ඔයිල් වගාව ව්‍යප්ත කිරීමේ වැදගත්කම මෙන් ම විදේශ විනිමය ඉතිරි කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අගය එකතු කළ පොල් තෙල් නිෂ්පාදන අපනයනය කිරීමට අවසර ලබා දීමේ වැදගත්කම ආචාර්ය ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය. අභියෝග මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ පාම් ඔයිල්, රබර්, තේ, ඇතුළු කර්මාන්ත ජනතාවගේ දූරදර්ශීභාවය සහ කැපවීම මත වඩාත් ශක්තිමත් කළ හැකි බව තමා විශ්වාස කරන බව ද ආචාර්ය ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

සිය කතාවේ දී රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපා ඇති රසායනික පොහොර තහනම සහ පාම් ඔයිල් වගාව තහනම් කිරීම යන කරුණු පිළිබඳව අවධානය යොමු කළ ආචාර්‍ය ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකාවට ස්ථාවර ප්‍රතිපත්ති සම්පාදනය කිරීම පිළිබඳව දැඩි අවශ්‍යතාවක් පවතින බව අවධාරණය කළ අතර, යුරෝපය තුළ පාම් ඔයිල් විරෝධී ආකල්ප තිබිය දී පවා ඔවුන් පාම් ඔයිල් තහනම් කර නොමැති බවත්, ඉන්දියාව, ඉන්දුනීසියාව සහ මැලේසියාව වැනි කලාපයේ අනෙකුත් රටවල් ඔවුන්ගේ පාම් ඔයිල් වගාව ව්‍යාප්ත කිරීමට කටයුතු කර ඇති බවත් ප්‍රකාශ කළේය. එහි දි වැඩි දුරටත් අදහස් දක්වමින් ආචාර්ය ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් ඉල්ලා සිටියේ පාම් ඔයිල්වල ඇති වටිනාකම් හා එහි ප්‍රතිලාභ හඳුනා ගනිමින්, එම වගාව පුළුල් කිරීමට පියවර ගන්නා ලෙසයි. එමඟින් රට තුළ විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට සහ එය රටේ ආර්ථික වර්ධනයට දායක කර ගැනීමට හැකි බව ඒ මහතා පෙන්වා දුන්නේ ය.

ක්වාලාලාම්පූර් හි පැවති Asian Palm Oil Alliance (APOA) පාර්ශවකරුවන්ගේ සමුළුව ආසියාවේ පාම් ඔයිල් පරිභෝජනය කරන රටවල් අතර තිරසාර සංවර්ධනය සහ සහයෝගීතාව සඳහා වැදගත් පියවරක් වූ බවත්, සෘණාත්මක අදහස් හා ආකල්පවලට අභියෝග කරමින්, පාම් ඔයිල් කර්මාන්තය ආශ්‍රිතව තිරසාර භාවිතයන් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම සහයෝගීතාව අත්‍යවශ්‍ය බවත් ඒ සඳහා සහභාගි වූවන්ගේ අදහස විය. පසුගිය වසර කිහිපය තුළ පාම් ඔයිල් සම්බන්ධව සමාජගත කෙරුණු ඇතැම් වැරදි මතවාදයන් බැහැර කරමින්, උසස් තත්ත්වයේ, සෞඛ්‍යාරක්ෂිත මෙන් ම ආර්ථිකමය වටිනාකමක් සහිත එළවළු තෙල් ලබා දෙන තිරසාර භෝගයක් ලෙස පාම් ඔයිල් ප්‍රචලිත කිරීම සඳහා APOA හි කැපවීම එහි දී ඇගයීමට ලක් විය.

පාම් ඔයිල් කර්මාන්තය සංවර්ධනය කරමින්, සිය සාමාජිකයින් අතර සහයෝගීතාව වර්ධනය කිරීමට සහ සිය සාමාජිකත්වය පුළුල් කිරීමට කටයුතු කරන APOA සිය ආර්ථික හා ව්‍යාපාරික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් කලාපයේ අනෙකුත් රටවල් සමඟ අත්වැල් බැඳගැනීමට ද අපේක්ෂා කරයි. පාරිසරික අවශ්‍යතා සහ සාමාජීය වගකීම් සමඟින් කර්මාන්තය සංවර්ධනය කරා ගෙන යාමට APOA පාර්ශවකරුවන්ගේ සමුළුව සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කළ බව පැවසිය යුතු ම කරුණකි.

පිටපත – PR

Post Views: 13
Previous Post

උසස්පෙළ උත්තර පත්තර නොබැලීම දරුවන්ට කරන ලොකුම අසාධාරණයක් – මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රෙස්න

Next Post

INSEE සංස්ථා සිමෙන්ති අඛණ්ඩව 12 වැනි වරටත් මෙරට ජනප්‍රියම නිවාස හා ඉදිකිරීම් සන්නාමය ලෙස SLIM Kantar සම්මාන දිනයි

editor

editor

Next Post

INSEE සංස්ථා සිමෙන්ති අඛණ්ඩව 12 වැනි වරටත් මෙරට ජනප්‍රියම නිවාස හා ඉදිකිරීම් සන්නාමය ලෙස SLIM Kantar සම්මාන දිනයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved