මැදපෙරදිග කලාපයේ ප්‍රකාශයට පත් වූ සටන් විරාමයේ පවතින අස්ථාවරත්වය හමුවේ ආසියානු කොටස් වෙළඳපොළ අද (09) දැඩි විමසිලිමත් ස්වභාවයක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහනයට ඉරානය විසින් පනවා ඇති කොන්දේසි සහ ඊශ්‍රායලය තවදුරටත් ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ආයෝජකයන්ගේ විශ්වාසය යම්තාක් දුරකට පළුදු වී තිබේ.
විශේෂයෙන්ම ජපානයේ නිකේ (Nikkei) දර්ශකය සහ දකුණු කොරියාවේ කොටස් දර්ශකවල ඊයේ පැවති විශාල පිබිදීම අද උදෑසන වන විට යම් පසුබෑමකට ලක්ව ඇත. ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එකක් පාලනය වන හෝමූස් සමුද්‍ර සන්ධියේ පවතින අවහිරතා හේතුවෙන් උද්ධමනය ඉහළ යාමේ අවදානම තවදුරටත් පවතින බව මූල්‍ය විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මේ අතර රන් මිල ද අවුන්සයක් ඩොලර් 4,718ක් වැනි ස්ථාවර අගයක පවතී.














