පෙබරවාරි 05 – සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට (ICU) ඇතුළත් කර තිබේ. ඉකුත් ජනවාරි 30 වැනිදා රාත්‍රියේ ඇති වූ රෝගී තත්ත්වයක් මත මුලින්ම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය රෝහල වෙත ඇතුළත් කර සිටි ඒ මහතා, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත. විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමකගේ දැඩි අවධානය යටතේ ඒ මහතා ප්‍රතිකාර ලබන අතර, රොහාන් ඕලුගල මහතා මේ වන විට සුවය ලබමින් පසුවන බව පොලිස්පතිවරයා තහවුරු කර තිබේ.














