අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩපිළිවෙළ යටතේ 2026 මාර්තු මාසය සඳහා වන දීමනා හෙට (මාර්තු 12) සිට ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පියවර ගෙන තිබේ. රජය විසින් මේ වෙනුවෙන් රුපියල් බිලියන 13කට අධික මුදලක් වෙන් කර ඇති අතර, එමගින් පවුල් ලක්ෂ 16කට අධික සංඛ්‍යාවකට සෘජු ප්‍රතිලාභ හිමිවීමට නියමිතය.
මෙහිදී පවුල් 1,408,635ක් සඳහා රුපියල් බිලියන 11.1කට අධික මුදලක් ද, තවත් ප්‍රතිලාභීන් 256,565ක් වෙනුවෙන් රුපියල් බිලියන 2.3කට අධික මුදලක් ද ලෙස කොටස් දෙකක් යටතේ මෙම ගෙවීම් සිදු කෙරේ. හෙට දින සිට අදාළ වාණිජ බැංකු ගිණුම් හරහා මෙම මුදල් ලබාගැනීමට ප්‍රතිලාභීන්ට අවස්ථාව සලසා දී ඇත.














