• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භය පටන් ගත්තා – මන්ත්‍රී විමල්

30 November 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් නෙරපාහැරීම වත්මන් ආණ්ඩුවේ අවසානයේ ආරම්භය සනිටුහන් කරනු ඇතැයි උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ පසුගිය 28 වනදා පාර්ලිමේන්තුවේ පැවති කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

එසේම රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ධුරයෙන් නෙරපාහරිමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පෙන්වූයේ වෙන කිසිවක් නොව තමන් “හොරු සමග හෙළුවෙන්” බව යැයි ද වීරවංශ මහතා මෙහිදී කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා “රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනෙන මේ අවස්ථාවේ ඊට පමණක් සීමා නොවී සමස්තයක් ලෙස මෙවර අයවැයේ බලපෑම පිළිබඳව කරුණු දැක්වීමට මා මේ අවස්ථාව යොදා ගන්නවා.

“රාජ්‍යය සහ ජනතාව අතර සම්මුතිය”

මීට ඉහතදී කරුණු දක්වපු රාජ්‍ය ඇමතිතුමන් පැවසුවා, ‘රාජ්‍යය සහ ජනතාව අතර පවතින සම්මුතිය කොතරම් දුරට ආරක්ෂා වෙනවාද? බලාත්මක වෙනවාද? කියන එක මත තමයි රාජ්‍ය පරිපාලනය ඇතුළු අනිකුත් සෑම අංශයකම පැවැත්ම හෝ විනාශය රඳා පවතින්නේ’ කියා. මේ වන විට ‘රාජ්‍යය සහ ජනතාව අතර පවතින සම්මුතිය ශක්තිමත් වෙමින් ද තිබෙන්නේ? දුර්වල වෙමින් ද තිබෙන්නේ?’ ඊයේ රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා ක්‍රීඩා සහ වාරිමාර්ග අමාත්‍ය ධුරවලින් නෙරපාහැරියා. ඊට හේතුව තමයි ඔහු ඉතා නිවැරදිව, නිර්භයව ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂිතයන් පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීම.

කුණු කාණුව දිගේ බඩගාන්නෙ නැතිව…

වර්තමාන ජනාධිපතිවරයාගේ ඔළුවට ඔය ඔටුන්න වැටුණේ, තිබුණු පාලනය දූෂිතයි, කියලා ඇතමුන් කෑගහලා කියපු නිසයි; ‘ඒ දූෂිත පාලනය තමයි මේ ආර්ථික අර්බුදයට හේතුව’ කියලා කට්ටියක් මතයක් නිර්මාණය කළ නිසයි; ඒ දූෂිත පාලනය වෙනුවට අදූෂිත පාලනයක් ඇති කරන්න ‘අරගලයක්’ උත්පත්තිය ලබපු නිසයි. ඒ අරගලයේ පිහිටෙන් ‘කුණු කාණුව දිගේ බඩගාන්නෙ නැතිව’ වර්තමාන ජනාධිපතිවරයාගේ ඔළුවට ඉබේම ඔටුන්න පතිත වුණා. හැබැයි ඊයේ, ජනාධිපතිවරයා දූෂිතයන්ට එරෙහිව කතා කරන අමාත්‍යවරයාව එළියට දාලා, දූෂිතයන්ගේ පැත්තෙ හිටගනිමින් තමා කවුදැයි ඉතා මැනවින් පෙන්වා දුන්නා. ‘රාජ්‍යය සහ ජනතාව අතර තිබෙන සම්මුතිය’ මෙමගින් රැකෙනවා ද?

ආණ්ඩුවේ අවසානයේ ආරම්භය…

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එදා මාවත් උදය ගම්මන්පිල මැතිතුමාවත් ඇමතිකම්වලින් එළියට දැම්මා. ඒක තමයි ඒ ආණ්ඩුවේ අවසානයේ ආරම්භය වුණේ; ‘රාජ්‍යය සහ ජනතාව අතර තිබෙන සම්මුතිය බිඳවැටීමට පටන් ගත්තේ. ඒ වගේම රාජ්‍යය සහ ජනතාව අතර සම්මුතිය බිඳවැටීමට පටන් ගනිමින්, මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භය තමයි ඊයේ සනිටුහන් වුණේ. රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ධුරයෙන් නෙරපාහරිමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පෙන්වූයේ වෙන කිසිවක් නොවෙයි තමන් ‘හොරු සමග හෙළුවෙන්’ කියලයි.

‘සදාචාරාත්මක වැහැරීම’

ඒ නිසා රාජ්‍ය අමාත්‍යතුමනි, ඔබතුමා දැනගන්න ඕනේ, ‘රාජ්‍යය සහ ජනතාව අතර සම්මුතිය බලවත් වන්නේ සදාචාරාත්මක වශයෙනුයි,’ කියලා. මතක තබාගන්න, සදාචාර විරෝධී ලෙස එම සම්මුතිය බලවත් වෙන්නෙ නැහැ. රාජ්‍ය පරිපාලනයේ සිටින නිලධාරීන්ට, රාජ්‍ය පරිපාලනය හා බැඳුණු වගකීම මනාව ඉටු කරන්න පුළුවන් වෙන්නේ රාජ්‍යය සහ ජනතාව අතර ඇති සම්මුතිය ශක්තිමත් වෙනවා නම් විතරයි. නමුත් හොරුන්ට විරුද්ධව සටන් කරපු ඇමතිවරයාව එළියට දාලා හොරුන් එක්ක හිටගන්නවා නම් එතැන තිබෙනවා ද සදාචාරාත්මක බලවත් වීමක්? එතැන තිබෙන්නේ සදාචාරාත්මක පිරිහීම. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව, එදා අර්බුදයක් මැද හිටගෙන ‘මොකුත් නොදන්න තොත්ත බබෙක් වගේ’ යනකොට ඒකට විරුද්ධව අමාත්‍ය මණ්ඩලය ඇතුළේ කතා කරලා, ඇහුම්කන් නොදෙන කොට මේ තත්ත්වය රටට ඇහෙන්න කතා කළාම ඒකට උත්තරය අපව එළියට දමන එක නම් ඒක තමයි එදා සදාචාරාත්මක වැහැරීමේ ආරම්භය. ඒ වගේම ‘වර්තමාන රනිල් වික්‍රමසිංහ පාලනයත්’ ඒ සදාචාරාත්මක බලය අහිමි කර ගැනීමේ ආරම්භය ඊයේ සනිටුහන් කළ බව මම යළිත් අවධාරණය කරනවා.

ලක්ෂ 18කට විදුලිය අහිමි වෙයි!

රටවැසියාට පෙනෙන්න ඕනේ නැද්ද, ‘රාජ්‍යය විනිවිද පෙනෙන ආකාරයට කටයුතු කරනවා, කියලා. එතැනින් නේද මේ සම්මුතිය වඩවඩාත් බලවත් වෙන්නෙ? අද වෙමින් තිබෙන්නේ මේ සම්මුතිය බිඳවැටීම. මේ සම්මුතිය රැකෙන්න හැමදේම බලපානවා. දැන් බලන්න, අද වන විට පවුල් ලක්ෂ 6කට වැඩි ප්‍රමාණයකගේ විදුලිය කපලා. ඒ අයට මේ අධික විදුලි බිල ගෙවාගන්න බැහැ. ඒ විතරක් නොවෙයි තවත් ලක්ෂ 12කට ‘රතු බිල’ එවලා. ඒ ලක්ෂ 12 අතර පවුල් පමණක් නොවෙයි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවනුත් ඉන්නවා. මේ විදිහට ගිහින් ඒ ලක්ෂ 12ගෙත් විදුලිය කැපුවාම විදුලිය අහිමි ඒකක ගණන ලක්ෂ දහඅටයි. මේක මෙතැනින් නතර වෙන්නෙත් නැහැ. ලබන අවුරුද්දේ සිට වැට් බද්ද සියයට 18ක් වෙනවා; මෙතෙක් වැට් බද්ද බලපාපු නැති ක්ෂේත්‍ර ගණනාවකට ඒක අදාළ කරනවා. තමුන්නාන්සේලා හිතන්නේ, ‘මේ ආර්ථික අර්බුදයෙන් ගැලවෙන්න අපේ සමාජය ගල් යුගයට ගෙන ගියාම හරියි’ කියලා ද? දැන් රාජ්‍ය සේවකයාට රුපියල් දසදහසකින් වැටුප වැඩි කළාම ඔක්කොම හරිද? නමුත් මේ පාලකයන් මේ රටේ හැම මිනිහෙක්ටම රුපියල් විසිදහසක පමණ බදු බරක් අලුතෙන් පනවලා තියෙනවා.

රනිල් යළි එන්නේ නැහැ!

මම නම් හූනා කිව්වා වගේ කියන්නම්, රනිල් වික්‍රමසිංහ මහත්තයා නම් ජනාධිපතිවරණයකට එන්නේ නැහැ. කවුරුහරි හිතනවානම් ‘එයා එයි’ කියලා, ‘අනේ පව්’ කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. එතුමා කිසිසේත්ම ජනාධිපතිවරණයකට එන්නේ නැහැ වගේම ජාත්‍යන්තර ආයතනයක තනතුරක් අරගෙන ඉතුරු කාලයේ යෙහෙන් වැජඹෙන්න බලයි. ඒ හින්දා දැන් පඳුරකට ගැහැව්වත් ජනාධිපති අපේක්ෂකයෝ හැටක් විතර විසි වෙනවානේ. ඒක අතුරු කතාවක්.

රටේ ‘පාලන සුක්කානම’…

රනිල් වික්‍රමසිංහ මහත්තයා කොහොමහරි ජනාධිපති පුටුවට ගියාට එතැනින් එහාට එයාට වගකීමක් නැහැ. මේ ඉතිරි කෙටි කාලය තුළ ලබාගන්න පුළුවන් වාසිය සොයාගෙන යනවා මිසක් මේ කෙටි කාලය තුළ රටට සාධාරණයක් ඉටු කිරීමට ඔහුට උවමනා නැහැ. ඒ නිසා අද අපේ රටේ ‘පාලන සුක්කානම’ තිබෙන්නේ රටේ අනාගතය ගැන කිසිදු වගවීමක් නොදරන පුද්ගලයෙකු අතේයි. ඒ රාජ්‍ය පාලන සුක්කානම එතුමාට භාර දීලා, 69 ලක්ෂයේ ජනවරමින් බලයට ආපු අය, ‘දැන් බස් එක හොඳට යනවා’ කියලා හිතනවා.

‘කලහකාරී ප්‍රතික්‍රියා’

ඉදිරියේදී වැට් බද්දේ පරාසය පුළුල් කළාම තේ කර්මාන්තයටත් ඒක බලපානවා. දැනටත් සැලකිය යුතු සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ප්‍රමාණයක් වැසී ගොස් තිබෙනවා. ලබන අවුරුද්දේ එන අලුත් බදු සමග සමාජ ආතතිය තවතවත් වැඩි වෙනවා. සමාජ ආතතිය වැඩි වන විට රාජ්‍යය සහ ජනතාව අතර පවතින සම්මුතිය බිඳවැටෙනවා. මේ විදිහට සමාජ ආතතිය වැඩි වෙනකොට තමයි අනාගත පුරෝකතනයකින් තොරව කලහකාරී ප්‍රතික්‍රියා දැක්වීමට ජනතාව පෙළඹෙන්නේ. මේ අයවැයෙන් කරලා තියෙන්නේ රාජ්‍යය සහ ජනතාව අතර තියෙන සම්මුතිය වඩා යහපත් අතට හැරවීම නොවෙයි, එය ඉතාමත් නරක විදිහට බිඳවැට්ටවීමයි. මේ බිඳවැට්ටවීම මගින් සිදු වන්නේ රට අරාජිකත්වය කරා ගමන් කිරීමයි. අරාජිකත්වයෙන් ප්‍රයෝජන ගන්නේ වෙනවෙන පවිටු බලවේගයි. කිසිදු දුරදක්නා සොයාබැලීමකින් තොරවයි මේ ආණ්ඩුව අද කටයුතු කරන්නේ.

“මේකද උත්තරය?”

මම දැක්කා ජනාධිපතිවරයා එක්තරා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවකට ගිහිල්ලා කියනවා, ‘ලබන අවුරුද්ද වෙනකොට අපට IMF තුන්වැනි ණය වාරිකය ලැබෙනවා. එතකොට අපේ බංකොලොත්කම නැති වෙනවා. ඊට පස්සේ අපිට ආයෙත් ණය ගැනීමේ පහසුකම ලැබෙනවා’ කියලා. ඒ කියන්නේ ආයෙත් අපි, ‘ණයට අරන්- සැපට කාලා – ජොලියෙ ඉන්නවා’ කියලයි; ඒ කියන්නේ, ‘මේ රට ආයෙත් පැරණි තකතීරු මාවතේම රැගෙන යනවා’ කියලයි. එහෙම ඉදිරියට ගියත් කෙටි කාලෙකින් මේ රට ආයෙත් ‘හොම්බෙන්’ යනවා. මේකද උත්තරය?

ණය වාරිකය ගෙවීමට සිදුවන විට…

දැන් බලන්න, ආජන්ටිනාව වැනි රටක් ඔය කියන මාවතේ ගිහින් දැන් දශක ගණනාවක් තිස්සේ ඉතා දරුණු ආර්ථික අර්බුදයක සිටිනවා. අපේ මේ පාලකයන් දැන් කියනවා, ‘අපි අර්බුදයෙන් එළියට එන්නයි හදන්නේ’ කියා. නමුත් ඉදිරියේදී ණය වාරිකය ලෙස අවුරුද්දකට ඩොලර් බිලියන තුනහතරක් ගෙවීමට සිදුවන විටයි අර්බුදය තීව්‍ර වෙන්නේ. ඉදිරියේදී ණය වාරිකය ගෙවීමට විදේශ විනිමය මදි වෙනකොට, කර්මාන්ත වැසී යනකොට, අපේ නිෂ්පාදනවලට අධික පිරිවැය නිසා ජාත්‍යන්තර වෙළෙඳපොළේ තරග කරන්න බැරි වෙනකොට මේ රට අන්ත අසරණ තත්ත්වයකට ඇද වැටෙනවා.

ඇවිලෙන ගින්නට ‘පිදුරු’

දිගුකාලීන කිරාමැන බැලීමකින් තොරව යන ගමනකින් මේ තිබෙන කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු ලැබෙන්නේ නැහැ. දැන් තමුන්නාන්සේලාට කියන්න පුළුවන්, ‘තෙල් පෝලිම් ඇතුළු පෝලිම් අපි නැති කළා’ කියලා. ඒ ‘පෝලිම්’ කිව්වේ අර්බුදයේ තීව්‍රතාව පෙන්නුම් කළ පින්තූරය. ඒ පින්තූරය නැති වුණා කියලා අර්බුදය නැති වෙලා නැහැ. අද හැම තත්පරයකදීම මේ රටේ මිනිස්සු මේ අර්බුදයේ ගොදුරු බවට පත්වෙනවා. මේ අර්බුදයෙන් එළියට එන මාවත නොවෙයි මේ පෙන්වලා තියෙන්නෙ. මේ අයවැය, ආර්ථික අර්බුදය නමැති ඇවිලෙන ගින්නට ‘පිදුරු දමන’ අයවැයක් මිස මේ ආර්ථික අර්බුදය නැමැති ඇවිලෙන ගින්නට ‘වතුර දමන’ අයවැයක් නොවෙයි. එහෙම අයවැයකින් රාජ්‍ය පරිපාලනයටවත් රාජ්‍ය සේවයටවත් රාජ්‍යය සහ ජනතාව අතර තියෙන සම්මුතියටවත් සාධාරණයක් ඉටු කිරීමට කිසිදු ලෙසකින් හැකි වන්නේ නැහැ, කියා අපි අවධාරණය කරනවා” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 0
Previous Post

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එකම දවසක තියන්න – මන්ත්‍රී හර්ෂණ

Next Post

මහනුවර පුරවර සංවර්ධන වැඩසටහනයට රුපියල් මිලියන1,500ක් වෙන් කරලා – රාජ්‍ය අමාත්‍ය ජානක

editor

editor

Next Post

මහනුවර පුරවර සංවර්ධන වැඩසටහනයට රුපියල් මිලියන1,500ක් වෙන් කරලා - රාජ්‍ය අමාත්‍ය ජානක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
තාත්තටයි පුතාටයි ඇප

තාත්තටයි පුතාටයි ඇප

3 June 2025
පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

3 June 2025

Recent News

තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
තාත්තටයි පුතාටයි ඇප

තාත්තටයි පුතාටයි ඇප

3 June 2025
පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

3 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved