හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීමක් මත චීන රජයේ ප්‍රදානයක් ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් සහිත පාසල්වල ඉගෙනුම ලබන දරුවන් හට පාසල් පාවහන් බෙදාදිමේ වැඩසටහනක් ” ලක්දරු දිරිය පදනම” මගින් දියත් කෙරිණ.
එහි සමාරම්භක වැඩසටහන පසුගිය 16 වනදා පොළොන්නරුව අධ්‍යාපනය කලාපයේ ඕනෑගම සිංහරාජපුර ප්‍රාථමික විද්‍යාලයේදී සහ ලංකාපුර ගැමුණුපුර විද්‍යාලයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තනාපති කී. සෙන්හොංග් මහතා සහ එම මැතිණිය, චීන තනාපති කාර්යාලයේ නිළධාරි මහත්ම මහත්මීන්, පොළොන්නරුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ප්‍රසාද් ජයවර්ධන මහතා, පොළොන්නරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන ආසන සංවිධායක දහම් සිරිසේන මහතා, විදුහල්පතිනියන් ප්රමුඛ ආචාර්ය මණ්ඩලය, ජනතා නියෝජිතයින්, දෙමව්පියන් ඇතුළු පිරිසක් සහභාගි විය.
මෙම වැඩසටහන පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප තුනම ආවරණය වන පරිදි ක්‍රියාත්මත කිරිමට සැලසුම් කර ඇත.