• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇට්ලස් ‘සිප්සවි නත්තල් පොරොන්දුව’ සාර්ථකව අවසන් සිසුන් 10,000කට අධ්‍යාපන ප්‍රතිලාභ

27 February 2026
in දේශීය, පුවත්
ඇට්ලස් ‘සිප්සවි නත්තල් පොරොන්දුව’ සාර්ථකව අවසන් සිසුන් 10,000කට  අධ්‍යාපන ප්‍රතිලාභ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපනික සන්නාමය වන ඇට්ලස් (Atlas) විසින් සංවිධානය කරන ලද ‘සිප්සවි නත්තල් පොරොන්දුව’ ජාතික වැඩසටහන මහජන සහභාගීත්වයෙන් සාර්ථකව නිමාවට පත් විය. ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පාසල් අධ්‍යාපනය අතහැර යාමේ අවදානමට ලක්ව සිටින දරුවන්ට අත්වැලක් වීම මෙහි මූලික අරමුණ වූ අතර, ඒ හරහා දිවයින පුරා සිසුන් 10,000කට ප්‍රතිලාභ සැලසීමට ඇට්ලස් ආයතනය සමත් වී තිබේ. වාර්ෂිකව ශ්‍රී ලාංකික දරුවන් 22,000කට අධික පිරිසක් විවිධ අභියෝග මධ්‍යයේ පාසල් ගමන නතර කරන පසුබිමක, ඇට්ලස් සිප්සවි වැඩසටහනේ ‘කිසිදු දරුවෙකු මගනොහරිමු’ (No Child Left Behind) යන පොරොන්දුව යථාර්ථයක් කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය.
මෙම වැඩසටහන යටතේ මහජනතාවගෙන් පොත්පත් පරිත්‍යාග කිරීමට ආරාධනා කෙරුණු අතර, මහජනයා ලබා දෙන සෑම පොතක් වෙනුවෙන්ම තවත් පොතක් බැගින් (one-for-one) පරිත්‍යාග කිරීමට ඇට්ලස් ආයතනය කටයුතු කළේය. දිවයින පුරා පිහිටි සියලුම කීල්ස් (Keells) සුපිරි වෙළඳසැල් සහ සර්වෝදය දිස්ත්‍රික් කාර්යාලවල ස්ථාපිත කර තිබූ එකතු කිරීමේ මධ්‍යස්ථාන හරහා ජනතාව විශාල වශයෙන් මේ සඳහා දායකත්වය ලබා දී තිබේ. මෙලෙස රැස් කරන ලද අත්‍යවශ්‍ය ඉගෙනුම් ද්‍රව්‍ය, ආර්ථික අපහසුතාවලින් පීඩා විඳින සහ මෑතකදී ඇති වූ අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් වූ දරුවන් අතර බෙදා දීමට පියවර ගැනුණි.
ඇට්ලස් ඇක්සිලියා සමාගමේ අලෙවි සාමාන්‍යාධිකාරී කසුනි බණ්ඩාර මහත්මිය සඳහන් කළේ, වගකිවයුතු සන්නාමයක් ලෙස පාරිභෝගිකයන්ද මෙම ජාතික ප්‍රයත්නයට දායක කර ගැනීම වැදගත් බවයි. කාලෝචිත සහයෝගය හරහා අභියෝග මධ්‍යයේ වුවද දරුවන්ගේ ඉගෙනීමේ උනන්දුව පවත්වා ගැනීමට හැකි බව වසර ගණනාවක අත්දැකීම් තුළින් තහවුරු වී ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය. ඇට්ලස් සිප්සවි වැඩසටහන හරහා ශිෂ්‍යත්ව, ඉගෙනුම් මෙවලම් සහ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් දරුවන්ගේ අධ්‍යාපනික සිහිනය සාර්ථක කර ගැනීමට ඉදිරියටත් නොකඩවා සහය ලබා දෙන බව ඇට්ලස් ආයතනය යළිත් සහතික කරයි.
Post Views: 2
Previous Post

බිරිඳ ඝාතනය කළ පුද්ගලයෙකුට ගම්පහ මහාධිකරණයෙන් මරණ දඬුවම

Next Post

නවසීලන්ත කිලෝග්‍රෑම් 85න් පහළ රග්බි කණ්ඩායම අප්‍රේල් මාසයේදී යළි දිවයිනට

Editor TTV News

Editor TTV News

Next Post
නවසීලන්ත කිලෝග්‍රෑම් 85න්  පහළ රග්බි කණ්ඩායම  අප්‍රේල් මාසයේදී යළි දිවයිනට

නවසීලන්ත කිලෝග්‍රෑම් 85න් පහළ රග්බි කණ්ඩායම අප්‍රේල් මාසයේදී යළි දිවයිනට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කළුතර රබර් නිෂ්පාදන ගබඩාවක ගින්නක් දේපළ රැසකට හානි

කළුතර රබර් නිෂ්පාදන ගබඩාවක ගින්නක් දේපළ රැසකට හානි

27 February 2026
ඇඩ්වාන්ටිස් සහ බෙල්ජියමේ  සාරන්ස් ඒකාබද්ධව  ශ්‍රී ලංකාවේ බර එසවුම් ක්ෂේත්‍රය ශක්තිමත් කරයි

ඇඩ්වාන්ටිස් සහ බෙල්ජියමේ සාරන්ස් ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ බර එසවුම් ක්ෂේත්‍රය ශක්තිමත් කරයි

27 February 2026
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  ‘ආරෝග්‍යා’ සායන කටයුතුවලින් ඉවත් වෙයි

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ‘ආරෝග්‍යා’ සායන කටයුතුවලින් ඉවත් වෙයි

27 February 2026
ලංකා බැංකුව 2025 වසරේදී රුපියල් බිලියන 120.8ක වාර්තාගත ලාභයක් ලබයි

ලංකා බැංකුව 2025 වසරේදී රුපියල් බිලියන 120.8ක වාර්තාගත ලාභයක් ලබයි

27 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කළුතර රබර් නිෂ්පාදන ගබඩාවක ගින්නක් දේපළ රැසකට හානි

කළුතර රබර් නිෂ්පාදන ගබඩාවක ගින්නක් දේපළ රැසකට හානි

27 February 2026
ඇඩ්වාන්ටිස් සහ බෙල්ජියමේ  සාරන්ස් ඒකාබද්ධව  ශ්‍රී ලංකාවේ බර එසවුම් ක්ෂේත්‍රය ශක්තිමත් කරයි

ඇඩ්වාන්ටිස් සහ බෙල්ජියමේ සාරන්ස් ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ බර එසවුම් ක්ෂේත්‍රය ශක්තිමත් කරයි

27 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved