ඕස්ට්‍රේලියාවේ වසන ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා වඩාත් ඵලදායී ලෙස ඉටුකිරීමේ අරමුණින්, එරට ප්‍රාන්ත තුනක පුරප්පාඩුව පැවති ගෞරවනීය කොන්සල් (Honorary Consul) තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට විදේශ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ප්‍රාන්ත මට්ටමින් ශ්‍රී ලංකාවේ තානාපති කටයුතු වඩාත් සක්‍රීයව පවත්වාගෙන යාම මෙම පත්කිරීම්වල ප්‍රධාන අරමුණයි.
ඒ අනුව, බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ නව කොන්සල්වරයා ලෙස චිරන්ත වීරවර්ධන මහතාත්, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නව කොන්සල්වරයා ලෙස නලින් පෙරේරා මහතාත්, දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ නව කොන්සල්වරයා ලෙස දිමුතු සමරනායක මහතාත් පත් කර තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර මහත්මිය අතින් මෙම නව නිලධාරීන් පසුගියදා සිය පත්වීම් ලිපි ලබාගත්තා. මෙම නව පත්කිරීම් හරහා ඕස්ට්‍රේලියාවේ වෙසෙන දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ට සිය කොන්සියුලර් සේවාවන් ලබාගැනීමේදී පවතින ප්‍රායෝගික දුෂ්කරතා මඟහැරී යනු ඇතැයි විදේශ අමාත්‍යාංශය අපේක්ෂා කරනවා.














