ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් මධ්‍යම වෙරළබඩ ප්‍රදේශයේ බෆ් පොයින්ට් හි සිදුවූ මාරාන්තික පිහි ඇනුමක් සම්බන්ධයෙන් 20 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන මිනීමැරුම් චෝදනා එල්ල කර තිබේ. ඊයේ (06) රාත්‍රී 8:00 ට පමණ බෆ් පොයින්ට් මාවතේ පිහිටි ස්ථානයකදී පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී ඇති බව පොලිසිය පවසයි. ප්‍රහාරයෙන් තුවාල ලැබූ 42 හැවිරිදි පුද්ගලයාට එම ස්ථානයේදීම වෛද්‍ය ආධාර ලබා දුන්නද ඔහුගේ ජීවිතය බේරා ගැනීමට සහන සේවා නිලධාරීන් අපොහොසත් වී ඇත.
සිද්ධිය වූ ස්ථානයට නුදුරින්දී අත්අඩංගුවට ගත් සැකකරු ගොස්ෆර්ඩ් (Gosford) පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී ඔහුට එරෙහිව මිනීමැරුම් චෝදනා ගොනු කෙරිණි. මියගිය පුද්ගලයා සහ සැකකරු එකිනෙකා හඳුනන අය බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු අද (07) දින ඇප ලබාදීමේ අංශයේ (Bail Division) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.














