ඉරාන ප්‍රහාර හමුවේ මැදපෙරදිග කලාපය තුළ සිටින සිය රට වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂිත නිරීක්ෂණ ගුවන් යානයක් සහ මිසයිල තොගයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) වෙත යැවීමට ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පියවර ගෙන තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියැන් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර එමඟින් කලාපීය ආරක්ෂාව තහවුරු කිරීමට ඕස්ට්‍රේලියාව දක්වන දායකත්වය පෙන්නුම් කරයි. කෙසේ වෙතත් මෙම පියවර හුදෙක් ආරක්ෂක අරමුණු සඳහාම පමණක් වන බවත් ඕස්ට්‍රේලියාව කිසිදු විටෙක ඉරානයට එරෙහිව ආක්‍රමණශීලී ක්‍රියාවකට සම්බන්ධ නොවන බවත් මැදපෙරදිග කලාපයට හමුදා යෙදවීමක් සිදු නොකරන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.














