ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ ඉතා දරුණු ඉන්ෆ්ලුවෙන්සා වෛරස ප්‍රභේදයක් සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බවත්, ඉන් තම දරුවන් ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නා ලෙසත් ප්‍රාන්ත බලධාරීන් දෙමාපියන්ට හදිසි දැනුම්දීමක් සිදු කර තිබේ. විශේෂයෙන්ම වයස අවුරුදු 5ට අඩු දරුවන්ට මෙම රෝග ලක්ෂණ ඉතා දරුණු ලෙස බලපෑ හැකි බව ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරිවරිය අවධාරණය කළාය.
පසුගිය වසරේ දත්තවලට අනුව වික්ටෝරියා ප්‍රාන්තය තුළ ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළඳීමෙන් පුද්ගල මරණ 1,738ක් වාර්තා වී ඇති අතර, පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම සහ එන්නත්කරණය කෙරෙහි යොමු වීම අතිශය වැදගත් බව බලධාරීන් පෙන්වා දෙයි. මෙම වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අංශ මේ වන විට කටයුතු කරමින් සිටියි.














