ශ්රී ලංකා ‘ඒ’ (Sri Lanka ‘A’) කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු කර පසුව ශ්රී ලංකා වයස අවුරුදු 19න් පහළ (Under-19) ක්රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කර සිටි හිටපු සුපිරි පිතිකරු අවිශ්ක ගුණවර්ධන මහතා තමන් දැරූ එම වගකීම්වලින් ඉවත් වී තිබෙනවා
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු තහවුරු කර ඇත්තේ තමන් මෙම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි කෙසේ වෙතත් මෙම හදිසි ඉල්ලා අස්වීමට හේතුව කුමක්ද යන්න ඉදිරියේදී රටට හෙළි කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් ප්රකාශ කර තිබෙනවා
ශ්රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ දක්ෂ ආරම්භක පිතිකරුවෙකු වන අවිශ්ක ගුණවර්ධන මෑත කාලයේදී මෙරට ප්රධාන පෙළේ දේශීය කණ්ඩායම් රැසක පුහුණුකාරිත්වය දරමින් තරුණ ක්රීඩකයන් රැසක් ජාතික තලයට ඔසවා තැබීමට විශාල කාර්යභාරයක් ඉටු කළ අයෙක් වනවා














