ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන සිටින හෝ එහි සැඟව සිටින බවට විශ්වාස කෙරෙන සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විශේෂ කණ්ඩායමක් ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ. මෙලෙස දිවයිනට රැගෙන ඒමට අපේක්ෂිත පිරිස අතර කුප්‍රකට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කොණ්ඩ රංජි’ ද සිටින බව වාර්තා වේ.
පසුගිය කාලසීමාව පුරා සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලැබ මෙරටින් පලා ගොස් ඩුබායි හි සැඟව සිටින අපරාධකරුවන් මෙරටට ගෙන්වා නීතිය ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ පියවර ගනිමින් සිටී. මෙම විශේෂ මෙහෙයුම පිළිබඳව ‘නෙත් බැලුම්ගල’ වැඩසටහන මඟින් අද (අප්‍රේල් 13) දීර්ඝ අනාවරණයක් සිදු කර ඇත.














