ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාරවලින් පසුව, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි (Ayatollah Ali Khamenei) සුළු මොහොතකින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව ඉරානයේ ‘අල්-ආලම්’ (Al-Alam) රූපවාහිනී සේවය වාර්තා කරයි. ටෙහෙරාන් නුවර පිහිටි ඔහුගේ නිල නිවාස සංකීර්ණය ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරයෙන් උත්තරීතර නායකයා මියගොස් ඇති බවට ඊශ්‍රායල මාධ්‍ය පැතිරවූ පුවත් මධ්‍යයේ මෙම නිවේදනය නිකුත් වී තිබේ.
ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ 86 හැවිරිදි උත්තරීතර නායකයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, ප්‍රහාරයට පෙර ඔහුව ආරක්ෂිත රහස් ස්ථානයකට යොමු කළ බවත්ය. එරට රජය විසින් ඔහුගේ හඬ පටයක් හෝ වීඩියෝවක් නිකුත් කිරීමට සූදානම් වන්නේ ඔහු තවමත් ජීවතුන් අතර සිටින බව තහවුරු කිරීමට සහ ජනතාවගේ චිත්තවේගීය ධෛර්යය නැංවීම සඳහාය. මෙම කතාවේදී ඔහු ඊශ්‍රායලයට සහ ඇමරිකාවට එරෙහිව ඉරානය ගන්නා මීළඟ හමුදාමය පියවර පිළිබඳව දැනුම් දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.














