• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආයුර් එක්ස් ජාත්‍යන්තර පර්යේෂණ එළිදැක්වීමේ තෙදින සම්මන්ත්‍රණය කොළඹ දී ආරම්භ වේ

4 May 2024
in දේශීය, පුවත්
ආයුර් එක්ස් ජාත්‍යන්තර පර්යේෂණ එළිදැක්වීමේ තෙදින සම්මන්ත්‍රණය කොළඹ දී ආරම්භ වේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ජාත්‍යන්තරයට රැගෙන යන ආයුර් එක්ස් (Ayur Ex – 2024) ජාත්‍යන්තර පර්යේෂණ එළිදැක්වීමේ තෙදින සම්මන්ත්‍රණයේ සමාරම්භය ඊයේ (03) දින කොළඹ විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයේ UCFM Tower ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ඒ,සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, අධ්‍යපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත්, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි යන අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙනි.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනූව මෙම සම්මන්ත්‍රණය 03, 04 සහ 05 යන දිනයන්හිදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මෙවර මෙම ජාත්‍යන්තර පර්යේෂණ එළිදැක්වීමේ සම්මන්ත්‍රණය පවත්වන්නේ දෙවෙනි වරටය.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, කැළණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන අංශය, ඒකාබද්ධව සංවිධානය කරන මෙම ජාත්‍යන්තර පර්යේෂණ එළිදැක්වීමේ තෙදින සම්මන්ත්‍රණයේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබදව පර්යේෂකයින්, ශිෂ්‍යයින් සිදු කල පර්යේෂණ පත්‍රිකා ඇතුලු ජාත්‍යන්තරව දේශීය වෛද්‍ය ක්‍රම පිළිබදව සිදු කළ පර්යේෂණ 270 කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙහි ප්‍රධාන දේශණය Director General Central Council For Research in Ayurvedic Sciences (CCRAS), India – Prof Vaidya Rabinarayan Acharya මහතා විසින් සිදුකරන ලදී.

දෙවන වරට පවත්වන මෙම දේශීය වෛද්‍ය ක්‍රමය ගෝලීයව ප්‍රචලිත කිරීම උදෙසා තෝතැන්නක් වන මෙම ආයුර් එක්ස් (Ayur Ex) ජාත්‍යන්තර පර්යේෂණ එළිදැක්වීමේ සම්මන්ත්‍රණය ජාත්‍යන්තර පර්යේෂණ එළිදැක්වීම ගෝලීයව දේශීය වෛද්‍ය ක්‍රමයන්හි දැනුම් හුවමාරු කිරීමේ ගෝලීය වේදිකාවක් වනු ඇතැයි ද පසුගිය කොවිඩ් සමයේදී එය පාලනය කිරීමට දේශීය වෛද්‍ය ක්‍රමය මගින් විශාල පිටුවහලක් වුන බවද සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධම්මික අබේගුණවර්ධණ, කැළණිය විශ්ව විද්‍යාලයේ උප කුළපති ජේෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා, කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුළපති ජේෂ්ඨ මහාචාර්ය එච්.ඩී.කරුණාරත්න, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පිඨාධිපති මහාචාර්ය වජිර දිසානායක, ඉන්දියාවේ ආයුර්වේද ක්ෂේත්‍රයට සම්භන්ධ මහාචාර්යවරු, ආචාර්යවරු, ඇතුලු විද්වතුන් පිරිසක්ද, මෙරට ආයුර්වේද ක්ෂේත්‍රයට සම්භන්ධ මහාචාර්යවරු, ආචාර්යවරු, ඇතුලු විද්වතුන් පිරිසක්ද සහභාගි වූහ.

Post Views: 9,689
Previous Post

අර්ථ සාධක අරමුදලට සමාන අරමුදලක් සමගි ජනබලවේග ආණ්ඩුවෙන් සකස් කරනවා – මන්ත්‍රී හෙක්ටර්

Next Post

දෙස් විදෙස් ශ්‍රමිකයින්ට ප්‍රතිලාභ රැසක් රැගෙන ජයගමු ශ්‍රී ලංකා පුදුකුඩිඉරිප්පුවට

editor ttvnews

editor ttvnews

Next Post

දෙස් විදෙස් ශ්‍රමිකයින්ට ප්‍රතිලාභ රැසක් රැගෙන ජයගමු ශ්‍රී ලංකා පුදුකුඩිඉරිප්පුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025
අදත් බස් රථ අනතුරක්

අදත් බස් රථ අනතුරක්

14 May 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

14 May 2025

Recent News

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025
අදත් බස් රථ අනතුරක්

අදත් බස් රථ අනතුරක්

14 May 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved