සුදුසුකම් නොමැති පුද්ගලයන් ආයුර්වේද වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් පවත්වාගෙන යන කූඨ ව්‍යාපාර වැටලීම සඳහා ආයුර්වේද වෛද්‍ය සභාව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. විවිධ පුද්ගලයන් ආයුර්වේද වෛද්‍ය සභාවේ නාමය හා සමාන නම් භාවිතා කරමින් සායන, අධ්‍යාපන ආයතන පවත්වාගෙන යමින් මහජනතාව මුළා කරන බවට වාර්තා වී ඇති බව එම සභාව නිවේදනය කරයි.
ලංකාව තුළ ආයුර්වේද, සිද්ධ, යුනානි සහ දේශීය වෛද්‍යකර්මයන්හි යෙදීම සඳහා නෛතික බලය ලබා දෙන එකම ආයතනය ආයුර්වේද වෛද්‍ය සභාව බව එහිදී අවධාරණය කෙරිණි. කිසියම් වෛද්‍යවරයෙකුගේ සුදුසුකම් පිළිබඳව සැකයක් පවතී නම් එය ආයුර්වේද වෛද්‍ය සභාව හරහා තහවුරු කර ගත හැකි අතර, එවැනි සැක කටයුතු පුද්ගලයන් හෝ ආයතන පිළිබඳ තොරතුරු 0112 844 966 අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස මහජනයාගෙන් ඉල්ලා සිටියි.
මෙලෙස කූඨ ලෙස පෙනී සිටින පුද්ගලයන්ට සහ ආයතනවලට එරෙහිව ආයුර්වේද පනත ප්‍රකාරව දැඩි නීතිමය පියවර ගන්නා බව ද එම සභාව වැඩිදුරටත් සඳහන් කරයි. ප්‍රතිකාර සඳහා යොමු වීමේදී වෛද්‍යවරයාගේ නිත්‍යානුකූල භාවය පිළිබඳව සැලකිලිමත් වීම රෝගී ආරක්ෂාවට අත්‍යවශ්‍ය කරුණකි.














