• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එදා බඹරේ වැල්ලේ කැරකුණ නිසා ඡන්ද තිබ්බා .. දැන් එහෙම නෑ – අනුර කියයි

31 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රනිල් වික්‍රමසිංහව පලවා හැර ප්‍රභූ පැළැන්තියෙන් සාමාන්‍ය ජනතාව අතට බලය හුවමාරු කර ගැනීමේ අවස්ථාව උදාකර ගන්න හැකිවෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (30) ජාතික ජන බලවේගය අම්බලන්තොට ජනතා රැලිය අමතමිනි.

එහිදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේ අදහස් පල කලේය ” මේ ඡන්දය පැවැත්වෙන මාර්තු මාසේ 09 දිනය රටේ හැරවුම් ලක්ෂය බවට පත්වෙනවා. ඒක මේ ජන ගංඟාව දකින කොට අපට තහවුරු වෙමින් තිබෙනවා. අපේ රටේ එක් කාලයක් තිබුණා මාසෙන් මාසෙට ඡන්ද පවත්වන කාලයක්. ඒ, එයාලගේ බඹරේ වැල්ලෙත් කැරකෙන කාලයේ. ඒත් අද, මේ ඡන්දය පවත්වන්න තිබුණේ ගිය අවුරුද්දේ. ඒක කල් දැමුවා. දැනුත් මේ ඡන්දය පැවැත්වීම වළක්වන්න ආණ්ඩුව කළ හැකි සෑම උත්සාහයක්ම ගත්තා. ඒත් ඒ අවස්ථා සියල්ලම අපි පසුකළා. තව එක් අවස්ථාවක් තිබෙනවා. ඒ ඡන්දය පැවැත්වීම. අනෙක් සියලුම අවස්ථා ජයග්‍රහණය කළා වගේම ඒ අවස්ථාවත් අපි ජයග්‍රහණය කරනවාමයි. ඡන්දයක් කල් දමන්න හැකි පාරවල් දෙකයි තිබෙන්නේ. එකක් පාර්ලිමේන්තුව මගින් අලුත් නීතියක් ගෙනඒම. ඒ අවස්ථා සියල්ල අපි පසුකොට තිබෙනවා. අනෙක් අවස්ථාව අධිකරණය මගින්. අධිකරණය බැඳී සිටින්නේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට. ඡන්දය කියන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකමක්. ඒ නිසා අපි විශ්වාස කරනවා, ඡන්දය කල්දැමීම වළක්වා ගන්න අධිකරණය මගින් නොහැකි වෙන බව. නීතිය මගින් ඡන්දය වළක්වා ගැනීමේ ඇති අවස්ථා අවසන් වෙන කොට තිබෙන්නේ කැලෑ පාරවල්. ඒ මොනවාද? මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට ඉල්ලා අස්වීමට බල කිරීම. මරණ තර්ජන එල්ල කිරීම. අපි ජනතාව සමග පාරට බැහැලා හරි ඡන්දය පැවැත්වීම ජයග්‍රහණය කරනවා.

අපි මැතිවරණ සිතියම සැලැස්මක් ඇතිව ක්‍රියාවට නැගුවා. අපි පළමුවෙන්ම කොට්ඨාස සභා හදලා, ආසන සමුළු පවත්වලා අපේ නායක මණ්ඩල හඳුන්වා දුන්නා. ඒ සමගම ඡන්දය ආවා. ඉතිහාසයේ ඡන්දවලදී හම්බන්තොට දිස්ත්‍රික්කය අපේ හැරවුම් ලක්ෂය වුණා. එළඹෙන ඡන්දයේදිත් හැරවුම් ලක්ෂය ලබාදෙන්නේ හම්බන්තොට දිස්ක්කයේ ජනතාව බව අපට විශ්වාසයි. ඒ ජනවරමින් අපට රනිල්ට, පොහොට්ටුවට, සජබෙට ජනවරමක් නැති බව ඔප්පු කළ හැකි වෙනවා. රටේ ජනතාවගේ විශ්වාසය මාලිමාව දිනාගෙන ඇති බව තහවුරු කළ හැකියි. ඒ ජනවරමෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ලැබෙනවා. ඒ බලයෙන් රනිල් වික්‍රමසිංහව පලවා හැර ප්‍රභූ පැළැන්තියෙන් සාමාන්‍ය ජනතාව අතට බලය හුවමාරු කර ගැනීමේ අවස්ථාව උදාකර ගන්න හැකිවෙනවා. මේ රට පාලනය කළ දූෂිතයන්, අපරාධකරුවන් පළවා හරින්න හැකි වෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ ජනතාව බලාපොරොත්තුවෙන් සිටි ජාතික ජන බලවේගයේ පාලනයක් අපි බිහි කරනවා.
මේ රට ගොඩනැගීම සඳහා මූලික පදනම් ටිකක් අවශ්‍යයි. අලුත් ව්‍යවස්ථාවක් ගේනවා. අමාත්‍ය ධුර 25යි. නියෝජ්‍ය අමාත්‍ය ධුර 25යි. මන්ත්‍රීවරුන්ගේ පැති මාරු කිරීම නවත්වනවා. වංචා-දූෂණයෙන් තොර ආණ්ඩුක්‍රමයක්, කාර්යක්ෂම රාජ්‍ය සේවයක්, ලෝකය තුළ පිළිගන්නා රටක් අපි හදනවා. අපේ රටේ ජාතික සමගිය ඇති කරන්න ඕනෑ. මේ මූලික පදනම හදමින් අපි ආර්ථිකය ගොඩනැගීම කරනවා. සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්තය, නාවික කර්මාන්තය, තොරතුරු තාක්ෂණය මත ආර්ථිකය ගොඩනැගීම සඳහා අපි සැලසුම්කර තිබෙනවා. මෙහිදී වැඩිම අවධානය අධ්‍යාපනය සඳහා යොදවමින් මානව සම්පත දියුණු කරනවා. ඒ ඔස්සේ ලෝකයේ දියුණුතම සම වෙළඳපොළේ කොටසක් අත්පත් කර ගන්නවා. ලෝකයේ වටිනාම සම්පත දැනුම. සමහර රටවල් අයි.ටී. තාක්ෂණ දැනුමෙන් විශාල ආදායම් සොයනවා. අද දරුවන්ට අධ්‍යාපනය ලබාදීම දෙමව්පියන්ට බරක් වෙලා තිබෙනවා. අපි මේ බර දෙමව්පියන්ගෙන් නිදහස් කරනවා. අධ්‍යාපනය රජයේ වගකීමක් බවට පරිවර්තනය කරනවා.

ලෝකයේ නව ක්ෂේත්‍ර ගණනාවක් නිර්මාණය වෙලා තිබෙනවා. අලුත් දැනුම් පද්ධති, අලුත් දොරටු නිර්මාණය වෙනවා. මැරායින් සර්විස් අලුත් දොරටුවක්. පැරණි කාලයේ තිබුණා. නමුත් දැන් භාණ්ඩ ප්‍රවාහනය සිදුවන්නේ මුහුද මගින්. ඒක අලුත් දොරටුවක්. ෆැෂන් ඩිසයින් කියන්නේ තවත් අලුත් දොරටුවක්. ඇඟලුම් කර්මාන්තයෙන් අපට ඩොලර් මිලියන 5ක් උපයන්න හැකියාව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීමට ඩොලර් මිලියන 3.2ක් වැය වෙනවා. අපට ශුද්ධ ආදායම තිබෙන්නේ ඩොලර් මිලියන 1.8ක් පමණයි. හැබැයි ෆැෂන් ඩිසයින් කියන්නේ ඊට වඩා වෙනත් ක්ෂේත්‍රයක්. අපේ දරුවෝ සාමාන්‍ය පාරේම ගමන් කරමින් සිටිනවා. මේ පැවති ආණ්ඩු, මේ පාලකයින් වර්තමාන අපේ දරුවන්ට ඒ පාරවල් විවෘතකර දීමට මැදිහත් වෙලා නැහැ. අපේ ආණ්ඩුවක් යටතේ 2030 වන විට ලෝකයට අවශ්‍ය දැනුම තිබෙන දරුවන් බිහිකිරීමට සැලසුම් කර තිබෙනවා.

අපි සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනඟනවා නම් එය කළ හැක්කේ මේ මානව සම්පත් දැනුමෙන් පෝෂණය කිරීමෙන් පමණයි. අධ්‍යාපනය ප්‍රමුඛ කර ගත් ආර්ථික සැලැස්මකට අපේ රට පරිවර්තනය කරනවා. ගුරු වෘත්තිය, ප්‍රධාන වෘත්තීන් දහයෙන් එකක් ලෙසට ඇතුළත් කරනවා. ගුරුවරයා තමයි රටට අවශ්‍ය දරුවෙක් හදන්නේ. ගුරු වෘත්තියට අවුරුදු 25න් ඇතුළත් වෙන කෙනෙක් අවුරුදු 60ක් වෙන තුරු පාසල් යනවා. දරුවා පාසල් යන්නේ අවුරුදු 13යි. ලෝකයේ සාමාන්‍යයෙන් පිළිගත් න්‍යායක් තිබෙනවා. අවුරුදු පහෙන් පහට දැනුමේ ගුණාත්මක වෙනසක් ඇති වෙනවා. නමුත් අපේ ගුරුතුමා වසර 35කට කලින් ලැබූ අධ්‍යාපනය අදත් දරුවාට ලබා දෙනවා. එහෙම නම් අපේ ගුරුවරයාට, ගුරුතුමියට වසර පහෙන් පහට නව දැනුම එකතු කර ගත යුතුව තිබෙනවා. ඒ නිසා දරුවාට පමණක් නොවෙයි ගුරුවරුන්ටත් ලෝකයේ ඇතිවෙමින් තිබෙන නව දැනුම උකහා ගැනීමට හැකි දුරස්ථ අධ්‍යාපන ක්‍රමයක් අපි හදනවා. අපි මේ රට අධ්‍යාපනයෙන් දියුණු රටක් බවට පරිවර්තනය කරනවා.

අපේ ගම්බිම් වල ප්‍රධාන සංවර්ධන මාවත කෘෂිකර්මාන්තය. කෘෂිකර්මාන්තය පිළිබඳ අපේ විශාල වැඩපිළිවෙළක් තිබෙනවා. අපි මාස 14ක් තුළ කෘෂිකර්මාන්ත අමාත්‍යාංශ වගකීම දැරුවා. 2005 වර්ෂය තමයි ලංකාවේ වැඩිම වී නිෂ්පාදන කළ වර්ෂය. තව කළ යුතු දෙයක් තමයි අපේ බීජ පර්යේෂණායතන දියුණු කරලා, බීජ ගොවිපළවල් ටික දියුණු කරලා, ගොවි ජනතාවට සාධාරණ මිලකට බීජ ලබාගැනීමට අවශ්‍ය සැලසුම් වගේම ශක්තිමත්ම වාරිකර්මාන්තයක් අපි හදනවා. දශක කිහිපයක්ම ලුණුගම්වෙහෙර එකම කන්නයයි වගා කළේ. මැණික් ගඟ හරස් කරලා ලුණුගම්වෙහෙර ජලාශය පිරවිය හැකි වෙහෙරගල ව්‍යාපෘතිය ආරම්භ කළේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණු මාස 14ක කාලය තුළයි. අද ලුණුගම්වෙහෙර ජනතාව යල-මහ කන්න දෙකම වගා කරනවා. කඳු ගැට දෙකක් යා කරලා කටුවන කැකිරිඕබඩ ජලාශය හැදුවා. අද අක්කර සිය ගණනක් ගොවිතැන් කරන්න යොදා ගන්නවා. අපේ රටේ ඉඩම් විදේශිකයන්ට පැවරීම වැළැක්වීම සඳහා, විදේශිකයන්ට අපේ රටේ ඉඩම් මිලදී ගැනීම සඳහා බාධා සහිත ඉඩම් නීතිය සම්මත කළේ, මම ඉඩම් අමාත්‍ය ධුරය දරන කාලයේ. මේ අමාත්‍යවරයෙක්ගේ වගකීමක් ඉටුකිරීමක් කළ යුත්තේ කෙසේද යන්න පැහැදිලි කිරීමටයි මම මේ සඳහන් කරන්නේ.

බීජ, ඉඩම්, වතුර පමණක් නොවෙයි නව තාක්ෂණය, හොඳ යෙදවුම්, නව වෙළඳපොළ, ගබඩාකරණය, ඉතා ශක්තිමත් කෘෂිකර්ම සංවර්ධනයක් අපි ඇති කරනවා. අපි මේ රටේ බලය ඉල්ලන්නේ මට හෝ අපේ ව්‍යාපාරයේ කිසිවෙකුට කිසිම ලාභ ප්‍රයෝජනයක් කිසිම වරප්‍රසාදයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. අපේ රටේ පාලකයන් අපේ රට දශක ගණනාවක් තුළ හපයක් බවට පරිවර්තනය කර තිබෙනවා. මේ හපයක් බවට පත් කළ රට අපේ දරුවන්ට අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් රටක් බවට පරිවර්තනය කිරීමේ යුග කාර්යය වෙනුවෙන් තමයි ජාතික ජන බලවේගය බලය ඉල්ලන්නේ.

අපි සැලසුම් හදලා තිබෙන්නේ. අපි ලංකාවේ ඉන්න කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන් අපි කෙරෙහි විශ්වාසය තබා අපව හමුවුණා. සියලුම බැංකුවල බැංකුකරුවන් හමුවුණා. දහසකට අධික සංඛ්‍යාවක් මූල්‍ය පද්ධතිය ශක්තිමත් කරන්න අවශ්‍ය සහාය සහ යෝජනා දෙන්න එකඟතාවය පළ කළා. අපි ඉදිරි 11දා ලංකාවේ විශ්‍රාම ගිය ත්‍රිවිධ හමුදා නිලධාරින් සමග කොළඹ යොවුන් නිකේතනයේදී සාකච්ඡාවක් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. නීතිඥවරුන්, විශ්විවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන්, මේ රටේ විවිධ සමාජ ස්ථර, බලවේග විශ්වාසය තබමින් ගොඩවෙන වේදිකාව තමයි මාලිමාවේ වේදිකාව. ශක්තිමත් බලයක් වෙනුවෙන් සියයට පනහකට වැඩි බලයක් ලබාදෙන ලෙස අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා. මේ සටන අපි ජයග්‍රහණයෙන් කෙළවර කර ගනිමු යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

Post Views: 10
Previous Post

ජපානයෙන් රුපියල් මිලියන 104 ක ප්‍රතිජීවක ඖෂධ ආධාරයක්

Next Post

රට පාලනය කරන හැටි දන්නේ නැතිව බලය අල්ලන්න හදනවා – මන්ත්‍රී මහාචාර්ය රංජිත්

editor

editor

Next Post

රට පාලනය කරන හැටි දන්නේ නැතිව බලය අල්ලන්න හදනවා - මන්ත්‍රී මහාචාර්ය රංජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025

Recent News

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved