පසුගියදා පැවති (අ.පො.ස) උසස් පෙළ විභාගයෙන් සියලු විෂයයන් A සමර්ථ 4ක් ලබාගත් බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් දරු දැරියන් 354 දෙනෙකු ඇගයීමට ලක් කිරීම අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 22 වනදා සිදු කෙරේ.
මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතුරින් බොහෝ දෙනෙකු අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වන අතර විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමේදී ඔවුන්ගේ මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීම පිළිබඳව පැනනැඟී ඇති ගැටළු පිළිබඳව සාධනීය විසඳුමක් ලබාදීම සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, තමා ඇතුළු සිය පෞද්ගලික කාර්යමණ්ඩලය, හා දානපතීන් සම්බන්ධ කරගනිමින් මෙම සිසු දරු දැරියන් 354 දෙනා සඳහාම විශ්ව විද්‍යාලවලට ඇතුලත් වීමේදී අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කරගැනීම සඳහා එක් දරුවකුට රුපියල් දස දහස බැගින් පිරිනැමීමට කටයුතු යොදා ඇත.
මෙම උත්සව අවස්ථාවන් සඳහා සම්මානලාභී ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ඔවුන්ගේ දෙමාපියන්, බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් නියෝජනය කරන විදුහල්පතිවරුන්, ගුරුභවතුන් සහභාගී වූහ.