ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි අතිශය ආරක්ෂිත ‘හරිත කලාපයේ’ (Green Zone) ස්ථාපිත අමෙරිකානු තානාපති කාර්යාලය සහ ඒ අසල පිහිටි රාජ්‍ය තාන්ත්‍රික මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් අද (18) අලුයම ප්‍රබල ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල වී තිබේ
පුපුරණ ද්‍රව්‍ය රැගත් ඩ්‍රෝන යානා අවම වශයෙන් තුනක් බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසල අමෙරිකානු පහසුකම් මධ්‍යස්ථානයක් වෙත ප්‍රහාර එල්ල කර ඇති අතර එහිදී ක්‍රියාත්මක වූ C-RAM ගුවන් ආරක්ෂක පද්ධති මගින් ඩ්‍රෝන යානා දෙකක් විනාශ කර ඇති බව වාර්තා වේ
අමෙරිකානු තානාපති කාර්යාලය ආසන්නයේ ප්‍රබල පිපිරීම් හඬ ඇසුණු බවත් එක් ඩ්‍රෝන යානයක් රේඩාර් පද්ධතිවලින් මිදී අතුරුදන් වී ඇති බවත් විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි
මෙම ප්‍රහාර මාලාව එල්ල වී ඇත්තේ ඉරානයට හිතවාදී ‘මහජන බලමුලු ගැන්වීමේ බලකායේ’ (PMF) මූලස්ථානයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් පැය 24ක් ගතවීමටත් පෙර වන අතර එය එම ප්‍රහාරයට එල්ල කළ ප්‍රතිප්‍රහාරයක් ලෙස සැලකේ
අලි ලාරිජානි ඇතුළු ඉහළ පෙළේ ඉරාන නිලධාරීන් ඝාතනය වීමෙන් පසු කලාපය පුරා අමෙරිකානු සහ ඊශ්‍රායල ඉලක්ක වෙත එල්ල වන ප්‍රහාර දැඩි ලෙස ඉහළ ගොස් ඇති අතර මෙම ප්‍රහාරවලින් මෙතෙක් ජීවිත හානි වාර්තා වී නොමැත
පවතින අනතුරුදායක තත්ත්වය හමුවේ බැග්ඩෑඩ් නුවර අමෙරිකානු සහ අනෙකුත් විදෙස් තානාපති කාර්යාලවල ආරක්ෂාව උපරිම මට්ටමින් තර කිරීමට පියවර ගෙන තිබේ
















