බහරේන් රාජ්‍යය පුරා අනතුරු ඇඟවීමේ සිරේන් සංඥා (Alarms) ක්‍රියාත්මක කර ඇති බව එම රටේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර තිබේ. මැදපෙරදිග කලාපය තුළ පවතින උණුසුම් යුදමය වාතාවරණය හමුවේ මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.
බහරේන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ‘X’ සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, සියලුම පුරවැසියන් සහ පදිංචිකරුවන් කලබලයට පත් නොවී සන්සුන්ව සිටිය යුතු බවයි. වහාම තමන්ට ආසන්නතම ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙසත්, නිල පුවත් නාලිකා ඔස්සේ නිකුත් කරන තොරතුරු කෙරෙහි අවධානයෙන් පසුවන ලෙසත් අමාත්‍යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටියි.
මෙම අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කිරීමට නිශ්චිත හේතුව හෝ එය ක්‍රියාත්මක වන නිශ්චිත ප්‍රදේශ මෙතෙක් අනාවරණය වී නොමැති වුවද, බහරේනයේ අගනුවර වන මනාමා (Manama) නගරයට ඉහළින් දුම් වලාකුළු නැඟෙන අයුරු දැක්වෙන ඡායාරූප මාධ්‍ය මගින් වාර්තා කර ඇත. කලාපීය ආරක්ෂාව පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් පවතින මොහොතක බහරේනයෙන් වාර්තා වන මෙම සිදුවීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව තිබේ.














