• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එප්පාවල පිරිමි දරුවෙක් පැහැරගෙන යාමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනාට ඇප

5 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එප්පාවල 09 හැවිරිදි පිරිමි දරුවකු දෙමාපියන්ට නොදන්වා ගොස් රිකිල්ලගස්කඩ ජොන්ස්ලන්ඩ් වතුයායේ නිවසක සඟවාගෙන සිටි සැකකරුට හා නවාතැන් දුන් සැකකරුවන් දෙදෙනාට ඇප ලබා දෙන ලෙස තඹුත්තේගම මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත මහතා අද (04) නියෝග කලේය.

මෙලෙස ඇප මත නිදහස් කෙරුණේ, නීත්‍යාණූකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි, 09 හැවිරිදි පිරිමි දරුවා පැහැර ගෙන යාමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන වන 22 කණුව, කැකිරාව පාර, තලාව ලිපිනයේ පදිංචි ඇස්වැද්දුමගේ අසේල ප්‍රියන්ත ප්‍රනාන්දු නම් විදුලි කාර්මික ශිල්පියා හා අපහරණයේ කිරීමේ චෝදනාවට ආධාර අනුබල ලබා දීමේ චෝදනාව මත දරුවා රැගෙන එප්පාවල ප්‍රදේශයෙන් පළා ගොස් සැඟවී සිටිමට උපකාර කළ ජොන්ස්ලන්ඩ් වතුයායේ නිවසේ හිමිකරු වන අමිල සම්පත් කුමාර නානායක්කාර නම් මහනුවර නගර සභාවේ රියදුරෙකු වශයෙන් සේවය කරන 42 හැවිරිදි තිදරු පියෙකු හා ඔහුගේ පියා වන එන්.එන්.ජී.ඩී සිරිසේන නානායක්කාර නම් 74 හැවිරිදි පුද්ගලයෙකි.

අංක 16, ගැටදිවුල, කිරලෝගම ලිපිනයේ පදිංචි පී.කේ දෙනෙත් ගෞරව ප්‍රේමසුන්දර නම් නව හැවිරිදි පිරිමි දරුවා එම ප්‍රදේශයේ විදුලි කාර්මික ශිල්පි ආයතනයක් පවත්වාගෙන ගිය විදුලි කාර්මික ශිල්පියකු සමඟ මීට මාස කීපයක සිට සමීප ඇසුරක් තිබූ බවත්, අදාළ විදුලි කාර්මිකයා දරුවා රවටා පැහැර ගෙන යන්නට ඇති බවට සැක කරන බවත් දරුවාගේ දෙමාපියන් එප්පාවල පොලීසියට පසුගිය 19 වැනි දින රාත්‍රීයේ පැමිණිලි කර ඇත.තම දරුවා පැහැරගෙන ගොස් ඇත්තේ දරුවා සමීපව ඇසුරු කළ ප්‍රදේශයේ විදුලි කාර්මිකයකු වන ඇස්වැද්දුමේ අසේල ප්‍රියන්ත නම් 45 හැවිරිදි පුද්ගලයකු බවත්, ඔහු දරුවා රවටා රැගෙන යන්නට ඇති බවට සැකකරන බවටත් දරුවාගේ මව වන පුෂ්පා මල්කාන්ති මහත්මිය හා යුධ හමුදා සෙබලකු වන දරුවාගේ පියාද මේ සම්බන්ධයෙන් එප්පාවල පොලීසියට සිදු කළ පැමිණිල්ලෙහි සඳහන්ව ඇත.

ඒ අනුව පොලිසීය වහාම ක්‍රියාත්මක වී පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ඒ අනුව සිදු කළ පරීක්ෂණ වලදී විදුලි කාර්මිකයා සන්තකයේ දරුවා සිටින බවට පොලීසිය අනාවරණය කර ගෙන ඇත.ඒ අදාළ විදුලි කාර්මිකයා පැහැරගත් දරුවාද සමඟ දරුවා පැහැරගත් දිනම (19) රාත්‍රියේ නාවුල ප්‍රදේශයේ ඔහුගේ සහෝදරයකුගේ නිවසකට ගොස් එම නිවසේ රාත්‍රියේ රැදී සිට පසුදින (20) අලුයම එම නිවසින් දරුවාද රැගෙන පිටත්ව උකුවෙල පිහිටි ඔහුගේ සහෝදරියකගේ නිවසකටද ගොස් ඇති බවට පොලීසිය අනාවරණය කර ගත්හ.

සැකකාර විදුලි කාර්මිකයාගේ දුරකථනය පසුගිය 23 රාත්‍රියේ රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ භාවිතා වන බවට තොරතුරු අනාවරණය වීමත් සමඟින් ඒ ඔස්සේ පරික්ෂණ පවත්වා දරුවා හා දරුවා පැහැර ගත් පුද්ගලයා රැදී සිටි රිකිල්ලගස්කඩ, ජොන්ස්ලන්ඩ් වතුයායේ නිවසක රැදී සිටියෙදී පසුගිය (23) මධ්‍යම රාත්‍රියේ එම නිවස වටලා ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත. දරුවා එප්පාවල සිට රැගෙන ගිය විදුලි කාර්මික ශිල්පියාට අයත් ත්‍රීරෝද රථයද එම නිවසේ තිබී පොලිස් භාරයට ගෙන ඇත. මෙම දරුවාට හා දරුවා පැහැර ගෙන ගොස් සඟවා තබා ගැනීමට උදව් උපකාර කළ නිවසේ හිමිකරුද එම අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

දරුවා රඳවා ගෙන සිටි ජොන්ස්ලන්ඩ් වතුයායේ පිහිටි නිවසේ හිමිකරු වන නගර සභා සේවකයාගේ පියා , මෙම දරුවා පැහැර ගැනීම සිදු කළ විදුලි කාර්මිකයා සමඟ වසර කීපයක් තලාව ප්‍රදේශයේ සේවය කරමින් සිටි බවත්, ඒ හිතවත්කම මත මීට පෙරද නිවසට එක් වරක් පැමිණි බවත්, පසුගිය 20 වැනි දින තම පියාගේ නිවසට පැමිණි මොවුන් එහි රැදී සිට, පසු දින (21) ඔවුන් තමන්ගේ නිවසට පැමිණ, මෙම දරුවා තමන්ගේම දරුවා බව පවසා නිවසේ තබා ගෙන සිටි බවද පොලීසියට ප්‍රකාශ කර ඇත.තමන් නව නිවසක් ඉදි කරමින් පවතින බවත්, මෙම පුද්ගලයා එහි විදුලි පද්ධතිය සකස් කිරීමද පසුගිය දින වල සිදු කළ බවත් ඔහු පොලීසියට පවසා ඇත.

ඒ අනුව එම නිවසේ සිටියදී අත්අඩංගුවට ගත් පැහැර ගැනීමට ලක් වූ දරුවා, පැහැර ගැනීම සිදු කළ විදුලි කාර්මිකයා හා ඔවුන්ට නවතැන් දුන් තිදරු පියෙකු වන නගර සභා රියදුරු හා ඔහුගේ පියාද පොලිස් අත්අඩංගුවට ගෙන තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අතර, ජනවාරි මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තඹුත්තේගම මහේස්ත්‍රාත් එම්.එල් නුවන් කෞෂල්‍ය මහතා පසුගිය 24 වැනිදා නියෝග කළේය.

ඒ අනුව මෙම නඩුව අද (04) තඹුත්තේගම මහසේත්‍රාත් බුද්ධික මල්වත්ත මහතා ඉදිරියේ විභාගයට ගැණුනු අතර, සූම් තාක්ෂණය ඔස්සේ සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර, අදාළ දරුවා හා ඔහුගේ දෙමාපියන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.සැකකරුවන් වෙනුවෙන් සමන්ත හේරත් හා මහේෂ් තලංගල යන නීතීඥ මහතුන් පෙනී සිටි අතර, ඔවුන් සැකකරුවන් තිදෙනා වෙනුවෙන් ඇප ඇයැද සිටින බව පැවසීය.අදාළ සිද්ධියේ නවාතැන් දුන් සැකකරුවන් දෙදෙනා සිද්ධියට සම්බන්ධ නොමැති බැවින් සුදුසු ඇපයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

ඒ අනුව කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත මහතා ලක්ෂය බැගින් ශරීර ඇප 02 ක් මත සැකකරුවන් තිදෙනා නිදහස් කරන ලෙසත්, ලක්ෂ 10 ක බැදුම්කරයක් මත දරුවාගේ මවට දරුවා භාර කරන බවත්, දරුවා හොදින් බලා ගන්නා ලෙසටත්, මවට දරුවා බලා ගැනීම වගකීම ඇති බවටද අවවාදාත්මකව ප්‍රකාශ කර සිටියේය.

එප්පාවල පොලිස් ස්ථානාධිපති ඊ.අයි.එස් ඒකනායක මහතාගේ උපදෙස් මත පො.සෑ 56722 අධිකාරී මහතා නඩු කටයුතු මෙහෙයවනු ලැබීය.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 1
Previous Post

ඩේවිඩ් කැමරන් කොළඹ වරාය නගරයේ සංචාරයක

Next Post

ශ්‍රී ලංකාව දියර කිරි සහ කිරි නිෂ්පාදනවලින් ස්වයංපෝෂිත කිරීමට ඉන්දියාවේ සහාය

editor

editor

Next Post

ශ්‍රී ලංකාව දියර කිරි සහ කිරි නිෂ්පාදනවලින් ස්වයංපෝෂිත කිරීමට ඉන්දියාවේ සහාය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved