බජාජ් අමතර කොටස් මිලදී ගන්නා පාරිභෝගිකයින් වෙනුවෙන් ඩේවිඩ් පීරිස් මෝටර් කොම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් සංවිධානය කරන ලද ‘බජාජ් ජෙනුයින් සුපිරි වාරේ’ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්රාහකයින්ට ත්‍යාග ප්රදානය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.
මෙහිදී දිනුම් ඇදීමේ පළමු ත්‍යාගය වන නවතම බජාජ් ත්‍රිරෝද රථය මොරටුව කටුකුරුන්දේ පදිංචි ලක්මාල් ප්‍රසන්ත ප්‍රනාන්දු මහතා විසින් දිනාගත් අතර, දෙවන ත්‍යාගය වන Bajaj Pulsar N160 Premium මෝටර් සයිකලය ඇල්පිටිය කැටන්දොලේ පදිංචි ආර්. කේ. අජිත් කුමාර මහතා සතු විය. මීට අමතරව රුපියල් 50,000 බැගින් වූ මුදල් ත්‍යාග, ටයර් වවුචර් සහ පර්ල් බේ (Pearl Bay) විනෝද උද්‍යානයේ පවුලේ පැකේජ ඇතුළු තවත් ත්‍යාග රැසක් ජයග්‍රාහකයින් අතර බෙදා දෙන ලදී.
සති නවයක් පුරා පැවති මෙම වැඩසටහනේදී ජෙනුයින් අමතර කොටස් ඇසුරුමේ ඇති QR කේතය හෝ අංකය කෙටි පණිවුඩයක් ලෙස යොමු කිරීමෙන් පාරිභෝගිකයින්ට මෙම අවස්ථාව හිමි විය. ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සමූහ සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ රෝහණ දිසානායක මහතා ඇතුළු නිලධාරීන් මෙම තෑගි ප්‍රදානෝත්සවයට එක් විය.














