කලාපීය ගුවන් සීමාවන් වසා දැමීම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ මැදපෙරදිග කලාපය අතර ක්‍රියාත්මක සියලුම ගුවන් ගමන් කටයුතු මීළඟ දැනුම්දීමක් වන තෙක් තාවකාලිකව අත්හිටුවීමට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) පියවර ගෙන තිබේ. එම කලාපයේ ගමනාන්ත වෙත සහ ඉන් පිටතට ගමන් කරන සියලුම ගුවන් සේවා සමාගම් මෙම තීරණය ක්‍රියාත්මක කර ඇත.
මැදපෙරදිග බලා ගමන් කිරීමට හෝ එම කලාපය හරහා වෙනත් ගමනාන්ත වෙත යාමට සැලසුම් කර සිටින මගීන්ට, ගුවන්තොටුපළ වෙත පැමිණීමට පෙර තම ගුවන් සේවා සමාගම අමතා ගුවන් ගමන් තත්ත්වය තහවුරු කරගන්නා ලෙස බලධාරීන් උපදෙස් දී ඇත.














