ලුණුවිල පොලිස් වසමට අයත් බණ්ඩාරනායකපුර ප්‍රදේශයේදී ඊයේ (24) රාත්‍රියේ සිදුවූ දරුණු රිය අනතුරකින් ත්‍රීරෝද රථ රියැදුරෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිසිය පවසන්නේ දුම්මලදෙණිය – නිනිගල්පොල මාර්ගයේ ධාවනය වූ ත්‍රීරෝද රථයක්, රියැදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ විදුලි කණුවක ගැටී ඇති බවයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ රියැදුරු වහාම මාරවිල රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මැල්ලව, කහටවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙකි. ලුණුවිල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.















