බංග්ලාදේශ මුහුදු සීමාව උල්ලංඝනය කිරීමේ චෝදනාව මත එරට වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන මාස අටකට අධික කාලයක් බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලාංකික ධීවරයින් හය දෙනෙකු නිදහස ලබා හෙට (අප්‍රේල් 02) දිවයිනට පැමිණීමට නියමිතය.
මීට මාස අටකට පෙර බංග්ලාදේශ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වීමේ චෝදනාව මත මොවුන්ව අත්අඩංගුවට ගෙන තිබුණි. ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පසුගිය දිනවල බංග්ලාදේශ තානාපති කාර්යාලයේ නිලධාරීන් සමඟ සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මොවුන්ව නිදහස් කර ගැනීමට හැකි වී තිබේ. නිදහස් වූ ධීවරයින් පිරිස හෙට දින කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා දිවයිනට පැමිණීමට නියමිත බව ධීවර අමාත්‍යාංශය තහවුරු කරයි. ඉදිරියේදී මෙවැනි අත්අඩංගුවට ගැනීම් වළක්වා ගැනීම සඳහා ජාත්‍යන්තර මුහුදු සීමා උල්ලංඝනය නොකරන ලෙස ධීවර අමාත්‍යාංශය මෙරට ධීවර ප්‍රජාවගෙන් නැවතත් ඉල්ලා සිටියි.














