මැදපෙරදිග කලාපයේ උපායමාර්ගිකව වැදගත් මර්මස්ථාන ඉලක්ක කරගනිමින් එල්ල වන ප්‍රහාර මාලාවේ තවත් පියවරක් ලෙස ඉරාකයේ බස්රා (Basra) පළාතේ පිහිටි ‘එනර්ජි සිටි’ (Energy City) ලොජිස්ටික් කඳවුරට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඉරාක ආරක්ෂක අංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් අල්-ජසීරා පුවත් සේවය වාර්තා කරන්නේ බුර්ජේසියා (Burjesia) ප්‍රදේශයේ පිහිටි මෙම බලශක්ති කේන්ද්‍රස්ථානය ඉලක්ක කර අදාළ ප්‍රහාරය දියත් වී ඇති බවයි.
කලාපයේ බලශක්ති සැපයුම සහ මෙහෙයුම් කටයුතු සඳහා සුවිශේෂී දායකත්වයක් සපයන මෙම ‘එනර්ජි සිටි’ පරිශ්‍රයට එල්ල වූ ප්‍රහාරයෙන් සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැත. කෙසේ වෙතත්, බස්රා ජාත්‍යන්තර ගුවන් තොටුපළට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව එරට තවත් වැදගත් මර්මස්ථානයක් වන මෙම බලශක්ති කඳවුර ඉලක්ක වීම ජාත්‍යන්තර ආරක්ෂක විශ්ලේෂකයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ.
මැදපෙරදිග කලාපය පුරා යුදමය වාතාවරණය දිනෙන් දින උත්සන්න වන පසුබිමක, බලශක්ති ක්ෂේත්‍රයට එල්ල වන මෙවැනි තර්ජන ලෝක වෙළඳපොළ කෙරෙහි ද සෘජු බලපෑම් එල්ල කළ හැකි බවට අනතුරු ඇඟවීම් පළ වේ.














