කොළඹ ආනන්ද සහ නාලන්දා විද්‍යාල අතර පැවැත්වෙන 96 වැනි සුලෝහිත සංග්‍රාමය (Battle of the Maroons) මහා ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද (28) නිමාවට පත්වන විට, නාලන්දා විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවී ලකුණු 278ක් රැස් කරගෙන සිටියි.
නාලන්දා ඉනිම ශක්තිමත් කළ නෙමිඳු අක්මීමන අගනා ශතකයක් වාර්තා කරමින් නොදැවී ලකුණු 112ක් රැස් කරගෙන සිටින අතර, නායක ඔසඳ පමුදිත ලකුණු 55ක් ලබා ගනිමින් ඔහුට මනා සහයක් ලබා දුන්නේය. පන්දු යැවීමේදී ආනන්ද විද්‍යාලය වෙනුවෙන් කිත්ම විදානපතිරණ ලකුණු 62කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.
මීට පෙර සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ආනන්ද විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 353ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට (Declared) තීරණය කළේය. ඒ අනුව නාලන්දා විද්‍යාලය මේ වන විට ආනන්ද ඉනිමට වඩා ලකුණු 75ක් පිටුපසින් පසුවන අතර හෙට (මාර්තු 01) තරගයේ තීරණාත්මක අවසන් දිනයයි.














